පෑන අහිංසකද?

Special Price රු. 1,350.00 Regular Price රු. 1,500.00
In stock
SKU
paena-ahinsakada-victor-ivon-sarasavi-publishers
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය ජයගෙන ඇතත් හා එය රටක් වශයෙන් අප ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය ගැන ගැඹුරු කියවීමකට යමින් දේශපාලන ක්‍රමයේ විශාල ප්‍රතිසංවිධානයක් ඇති කිරීමෙන් තොරව සාර්ථක ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු ඇති කර ගත නො හැකිය. මෙහිලා ජනමාධ්‍යවලට හා ජනමාධ්‍යවේදීන් ට කළ හැකි කාර්යභාරය අති විශාල ය. ඔවුන් තමන්ගේ වෘත්තිය ද ඇතුළුව රටේ ආයතන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදය තේරුම් ගැනීමට සමත් වෙතොත් හා ජනමාධ්‍යවේදීන් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම තේරුම් ගනිමින් ඊට ගැළපෙන ගෞරවනීය පැවැත්මක් තමන් තුළ ඇති කර ගනිමින් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම් හරියාකාරව ඉටුකිරීමට සමත් වේ නම් හා ආණ්ඩු පෙරළන හා අණ්ඩු ආරක්ෂා කරන දේශපාලනයෙන් මොහොතකට ඉවත් වී දේශපාලන ක්‍රමයේ යහපත් ප්‍රති සංවිධානයක් ඇති කරගැනීමේ අරමුණ වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටීමට සමත් වේ නම්, දේශපාලන ක්‍රමයේ අර්ථවත් ප්‍රතිසංවිධානයක් ඇති කර ගැනීමේ ඉලක්කය ජයගත හැකිය. ඔවුන්ට මරණ බියෙන් තොරව ගෞරවයෙන් හා අභිමානයෙන් සිය වෘත්තියේ යෙදිය හැකි පරිසරයක් ලැබෙනු ඇත්තේ එවිටය. එතෙක් ඔවුන්ට එම තත්ත්වය දිනා ගත හැකිවනු ඇත්තේ තමන් වෙනස් නොවී අනුන් වෙනස් කිරීමට දරන උත්සාහයකින් නොව තමන් වෙනස් වී අනුන්ද වෙනස් කරන්නට දරන අවංක උත්සාහයකින් පමණ ය. මෙම කෘතිය මතභේදයට හා විවාදයට හේතුවනු නො වැළැක්විය හැකිය. මා මෙහි වැඩියෙන් කථා කර ඇත්තේ මිහිරිදේවල් නොව අමිහිරි දේවල්ය. එහි අරමුණ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය භූමිකාව පිළිබඳව ජනමාධ්‍යවේදීන් අතර සේ ම සමාජය තුළ ද සංවාදයක් ඇති කිරීමය.
Author වික්ටර් අයිවන් - Victor Ivon (24)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (1027)
More Information
ISBN 9789553131560
පිටු ගණන 463
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පෑන අහිංසකද?
Back to Top