Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

About this book

වර්තමානය තුළ විවිධ පොත පත එළිදැක්වුණත් ඒ කිසිදු පොතක් ප්‍රාථමික අධ්‍යාපන නිපුණතා පාදක කරගෙන හෝ විෂය නිර්දේශයන්ට අනුව සකස් කෙරුණක් නොවේ. නිතර දකින නිසා මිලදී ගත්තත් එවැනි පොතකින් නිපුණතා හා කුසලතා වර්ධනයක් සිදු නොවේ.

ඒ නිසාම සෞභාග්‍යා ප්‍රකාශන ආයතනය විසින් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන හා ප්‍රාථමික ශ්‍රේණි අධ්‍යාපනික නිර්දේශයන්ට අනුකූලව නිපුණතා පාදක කරගනිමින් මෙම පොත සකස් කර ඇත. මෙම පොතෙහි ක්‍රියාකාරකම්වල යෙදීමෙන් පහත නිපුණතා හා කුසලතාවයන් අත්පත් කරගනු ඇත.

දෘෂ්ටි විභේදන කුසලතා ප්‍රදර්ශනය

බොහෝ දුරට එක හා සමාන පින්තූර දෙකක් පරීක්ෂා කර පාට කර ඇති රූපය දෙසබලා පාට නොකරන ලද රූපයේ කොටස් හඳුනාගෙන පාට කිරීමට යොමු වෙයි.

මනෝචාලක සංවර්ධනය සඳහා කුසලතා ප්‍රදර්ශනය වමේ සිට දකුණට ඇස යොමු කරමින්, සියුම් මාංශපේශීන් සංවර්ධන සඳහා ඇඳීම, පාටකිරීම, වැනි අභ්‍යාස මගින් ඇස් හා අත් සමායෝජන සඳහා අභ්‍යාස අන්තර් ගත වේ.

පෙර ලිවීමේ කුසලතා ප්‍රදර්ශනය

සීමාවක් තුළ පාට කිරීම, ද්‍රව්‍යවටා ඇඳීම, තිත් ඉරි කඩ ඉරි යාකර රූප ඇඳීම හා රූපය බලා පාටකිරීම වැනි අභ්‍යාස, නිපුණතා ප්‍රදර්ශනය කරයි.

Details
ISBN
SUB140
පිටු ගණන (Pages)
34
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පාට කරන පොත - එළවළු-පලතුරු-සත්තු-කුරුල්ලෝ-මල්-වාහන

Reviews are published once a member of our team has read them.