Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පායල්

පායල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වේලාව මධ්‍යම රාත්‍රී දොළහ පසුවී හෝරාවකි. පායල්ගේ කුටියට ආගන්තුකයෙක් පිවිසියේය. රුවැත්තිය යහන මත නොමැති බැව් පෙනිණි. කුටිය තුළ එහෙ මෙහෙ යවන දුඹුරු දෑස් වලට විසල් කවුලුව අසළ නිදා සිටින්නී හසුවිණි. කිසිඳු හඬක් නොනැගෙන අයුරින් ඔහු යුවතියට ළංවී ඇයට මුහුණලා වාඩි ගත්තේය. ඔහු වැලමිටින් කවුලු පඩියට බරවී හිස අත්ලට බර කරගෙන ඈ දෙස බලා සිටියේය.

කවුලුවෙන් විනිවිද ගලනා සඳ එළිය ඇගේ පිරුණු වත සිඹියි. කවුලු දොර හරිහැටි වසා නොමැති බව හිඩැස් අතරින් රිංගාවිත් යුවතියගේ කෙස් රොදක් හා දඟ කරනා පවන් රැල්ලක් කියයි. ඒ අපූරු දසුන ඔහු දෑස් නිවාලන නමුත් සිතත් ගතත් උණුසුම් කරයි. සඳවතිය ඇහැරෙන්නට වුවමනා නමුත් ලෝඛය. ඔහු ඇගේ වතට වැටී ඇති කෙස් රොද සෙමින් පසෙකට තල්ලුකොට ඇගේ කොපුලට නැමී සිප ගත්තේය. උණුසුම් ස්පර්ශයෙන් අවදි වූ පායල් කවුරුන් හෝ තමා අසළ බව දැනී ගැස්සී කෙලින් වූවාය. ඉතින් ඔහු මෙතැන සිටින්නේ කෙසේද? දෑස් විසල් කරගෙන ඕ වටපිට බැලුවේ සිහිනයක් දකින්නේ දැයි සැකයෙනි.

''රජතුමනි?”

ඔහු දෑසින් සිනාසිනි.

''රජතුමනි? ඔබ? ඇයි ඔබ මෙතැන?”

රජතුමා දෑස් සිහින්කර තරවටුවක් පෑවේය.

ISBN
9786246596408
පිටු ගණන (Pages)
703
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පායල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.