පෙරළුෑ නැවුම් පස - දෙවැනි ග්‍රන්ථය
සාම්ප්‍රදායික ගති සිරිත් ඉහවහා ගිය, සෑම අතකින්ම නොදියුණු, රුසියාවේ ගැමි සමාජය මත සෝවියට් විප්ලවයෙන් පසු බිහිවන “සමූහ ගොවිපළ” සංකල්පය, නොපැකිහුණු අයුරු මිහයිල් ෂෝලහොව් මෙම කෘතියෙන් චිත්‍රණය කරයි. ධනපති ඉඩම් හිමියන්ගේ දේපළ බලෙන් පවරා ගනිමින්ද, දුප්පත් ගොවියා සන්තක කුඩා ඉඩම් හා හරකා බානද පොදු දේපළක් බවට පත් කළ මෙම සංකල්පය, ඉඩම් හිමියාට මෙන්ම දුප්පත් ගොවියාටද භෞතිකව මෙන්ම ආධ්‍යාත්මිකවද බලපෑ අයුරු ෂෝලහොව් සිය යථාර්ථවාදී සෝපහාස බස් වහරින් හෙළි කරයි.
උසස් සමාජයක් සඳහා වූ සිය අපේක්ෂාව බිඳකින් හෝ අවප්‍රමාණය නොකරයි.
රුසියාවේ රණකාමී ජන වර්ගයක් වූ කොසැක්වරුන් මුල් කාලීනව විප්ලවය හා ගැටුණු නමුත් ඔවුන්ට හිමි සාධාරණ ස්ථානයෙහි පිහිටුවමින්, ඔවුන්ට යුක්තිය සලසන්නේ ෂෝලහොව් විසිනි. ලේඛකයා තම ජනතාවගේ හදගැස්ම හඳුනාගෙන තිබීම මගින් සිය ගමන් මග ස්ථාවර කර ගන්නා අතර, සෝවියට් විප්ලවය කෙරෙහි උපරිම පක්ෂපාතිත්වය දැක්වූ ඔහු කොසැක්වරුන්ගේද වීරයෙක් වෙයි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.