පිසාචයෝ
ද්‍රවිඩ ගැටවරයකු වීමත්, සමලිංගික ආශාවන්ට නැඹුරුවීමත් අසූ ගණන් වසරවල ගතානුගතික ලංකා සමාජයේ අවදානම් ගතිගුණ වෙයි. මෙම ද්විත්ව අවදානමට අමතරව ශිවන්ට තිබූ අනිකුත් ගැටලුව වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකළ පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියය. තමාට කුමාරයකුට මෙන් සැලකුවත් තම මවටත්, සොහොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනිකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටියි.
අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට ආගමණය කිරීමට ලැබීම මේ සියල්ලන්ගෙන්ම ගැලවීමට හොඳම මඟ ලෙස ශිවන් දකියි. එනමුත් එහි ගිය පසු නව ආගමණිකයකු ලෙස මුහුණපාන්නට සිදුවන අනවරත්, මවගේ අමුතු හැසිරීමත් දකින ඔහුට එය සිහිනයක් බව වැටහෙයි.
පස් වසකට පසු කෙටි නිවාඩුවකට ආපසු ලංකාවට එන ශිවන් රටේ බොහෝ දේවල් හොඳ අතට හැරී ඇති බවත් දකියි. පෙම්වතෙකු සමඟ දැඩි සබඳකමක් ඇතිවීමත්, සැපවත් දිවියකට ඇවැසි ආදායමක් ලැබීමත්, ඒ දෙකම නිසියේ රසවිඳීමට නිදහසකුත් දකින ශිවන් ලංකාවේ නවතියි.
තමා කලින් නොදුටු සතුරු බලපෑම් එම දිවිය ඉක්මණින් සුණු විසුණු කළවිට මානසික පීඩනයෙන් ආපසු කැනඩාවට යන ශිවන් මිත්තණියගේ ලෝකයෙන්නුත්, මවගේ ලෝකයෙන්නුත් ඈත්වී දුරස්තර නගරයක අලුත් දිවියක් අරඹයි.
මෙය ඔහුගේ පාරාදීසයක් වෙයිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.