Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිටස්තරී

පිටස්තරී

About this book

මාලෝගේ හැඩිදැඩි උඩු කය දුටු මනින් එමාගේ දෑස වශීකෘත විය. ඇයට තම දෑස ඔහුගෙන් ඉවතට ගැනීම කළ නොහැක්කක් විය. එම ආදරණීය දෑසේ කිමිදී ගිය ඇය, ඔහු සමග පෙමින් බැඳුනා ය. ඔවුන්ගේ දෛවය විසින් ඔවුන් වරින් වර මුණගස්වන්නේ, දෙදෙනාට එකිනෙකාගෙන් පළායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. මාලෝන්ගේ උණුසුම් පහස එමාගේ ගත සිත පුබුදුවාලූයේ අති මහත් ප්‍රහර්ෂයක් ජනිත කරවමිනි. ඇගේ සිත නිරතුරු ඔහු වෙත ඇදී ගියේය. ඇගේ ආදරණීය පෙම ඇයව ජීවත් කරවූවේය.

ධනය, බලය සහ කාමුකත්වයට මුල් තැන දුන්, තමන්ගේම කය සනසා ගැනීමට තම දියණියන්ගේ ද ජීවිතය අපායක් කරවූ පියකු හට අවජාතකව උපන් පවට, ලස්සන එමාගේ දිවිය අවාසනාවන්ත ලෙස කනපිට පෙරළෙන්නේ කිසිවෙක් නොපැතූ ලෙස ය.

ඇගේ පැතුම් සුනුවිසුනුව යද්දී, ආදරණීයන් සියල්ලන්ම ඇයට අහිමි වෙද්දී, ඇගේ අධිෂ්ඨානය සහ දෙවියන් කෙරෙහි ඇයගේ විශ්වාසය ඇයව තවදුරටත් ඉදිරියට රැගෙන යන ලදී. වසර දහයක් රටින් පිටුවහල්ව සිටි එමා හට ඇගේ ආදරණීය මාලෝගේ සොඳුරු පෙම සදහටම අහිමි වේවිද? ඔවුන් ලොව කොයි අත දිවි ගෙවත් ද?

ඒ සොඳුරු, දුක්ඛිත ආදර කතාවේ පළමු දිගහැරුම 'පිටස්තර්' ඔබගේ සිත කළඹාලනු නියත ය.

Details
ISBN
9786245519767
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: පිටස්තරී

Reviews are published once a member of our team has read them.