Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / දේශපාලන / Political මණ්ඩිය - II

Political මණ්ඩිය - II

About this book
මෙරට නාමධාරී දේශපාලන චරිත රාජකාරිමය වශයෙන් හා ළඟින් පුද්ගලිකව ඇසුරු කළ ප්‍රවීණ පුද්ගලයින් එම දේශපාලන චරිත පිළිබඳව කරනු ලබන සුවිශේෂ හෙලිදරව්ව මෙම ග්‍රන්ථයට ඇතුලත් වේ. ඔවුන් සමඟ වැළලී යා හැකිව තිබු වටිනා කරුණු රැසක් මේ අනාවරණය තුළින් මතු වේ. තීරණාත්මක සීදුවිම් හා පුද්ගල චර්යාවන් හෙළිදරව් කිරීමට කෙනෙකු ලේසියෙන් පෙළඹෙන්නේ නැත. එය සමහර විටක දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩක් විය හැකිය. රට පාලනය කළ නායකයින් ගැන එසේ කරනු ලබන අනාවරණයන් තුළින් නොසිතූ දරුණු ප්‍රතිඵල අත්වීඳිමට බැරිකමක් නැත. විශේෂයෙන්ම සම්මුඛ සාකච්චාවට බඳුන් වන පාර්ශවය සමහර විටක ඔහුගේ පෞද්ගලික ස්ථාවරයන්ට අනුව ඇතැම් නායකයින් ගැන විවිධ ප්‍රකාශ කළ හැකිය. නමුත් විචක්ෂණශීලී මාධ්‍යවේදියා සූක්ෂමව හා ඉවසිලිවන්තව ඒ දේවල් කිරා මැන තෝරා බේරා ගත යුතුය. නොඑසේ නම් සිදුවන්නේ බලාපොරොත්තු නොවු අයුරේ ඉරණමකට පාර්ශව කිහිපයකට මුහුණ දීමට සිදුවෙයි. මෙරට ඉතිහාසය නිවැරදිව හදාරන්නෙකුට මේ සංවාද සමුච්චිය ආලෝකයක් හා මඟ පෙන්වීමක් වනු ඇත.
ISBN
9786245080014
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Political මණ්ඩිය - II

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.