පොත් හෙර
මට පොත් හෙර සමඟ අලංකාරය හා මිලේච්ඡත්වය ගැන බොහෝ දේ කීමට අවශ්‍ය වූ නමුත්, ඇය කිසිවක් නොදන්නා දේ ගැන මට කිව හැක්කේ කුමක් ද? මට විස්තර කිරීමට අවශ්‍ය වූයේ මම නොනවත්වා මානව වර්ගයා අධිතක්සේරු කරමින් හා අවතක්සේරු කරමින් සිටිනා බව ය. මා ඒ පිළිබඳව සරල තක්සේරුවක යෙදෙනුයේ ඉතා කලාතුරකිනි. එකම දෙයක් කැත වන්නාක් මෙන්ම, එතරම් ප්‍රභාවත් වන්නේ කෙසේ ද යන්නත් එහි වචන මෙතරම් විශිෂ්ට වන්නේත්, තුට්ටු දෙකක්වත් නොවටිනා දෙයක් බවට පත්වන්නේත් කෙසේ ද? යන්නත් ගැන ඇයගෙන් ඇසීමට අවශ්‍ය විය.
එහෙත් මේ කිසිවක් මගේ මුවින් පිටවූයේ නැත. මට කළ හැකි එකම දෙය වූයේ ලීස්ල් මෙමින්ජර් දෙසට හැරී, මා සත්‍යවශයෙන්ම දන්නා සත්‍ය ඇය හා පැවසීම පමණි. මම එය පොත් හෙරට කියූ අතර, දැන් එය ඔබට ද කියමි.
මානව අත්දැකීම යනු මරණයෙන් පවා පරාජය කළ නොහැකි දෙයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.