Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ප්‍රබුද්ධ

ප්‍රබුද්ධ

About this book

ප්‍රකාශකගේ සටහන සහ පොත පිළිබඳ හැඳින්වීම මෙහි ඇතුළත් වේ. වැඩි විස්තර සඳහා ග්‍රන්ථ කාර්යාලය අමතන්න (071 944 8899).

Details
ISBN
9789558156285
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ප්‍රබුද්ධ - මහගමසේකර : ඔප දමන ලද කවි සිතුවිලි / Prabuddha - Mahagamasekara : Beautifully crafted poetic thoughts
    මෙම කාව්‍යය ග්‍රන්ථය 1977 දි පලවූ මහගමසේකරගේ අවසාන කාව්‍යය කෘතියයි.

    ධනවාදය සහ සමාජවාදය ලෝකය තුළ මෙන්ම ශ්‍රී ලංකා සමාජය තුළද දැඩිව ප්‍රකටව පැවති සමයක රචිත මෙම කෘතිය හරහා තරමක් විප්ලවකාරී ස්වභාවයක් නිරුපණය වන බව පැවසිය හැක.

    තවද ආගමික ග්‍රන්ථවල භාවිතය හරහා මෙම කාව්‍යය පොතට දාර්ශනික අස්ථානයක් ලඟා කිරීමට උත්සහ දැරූ බව පෙනේ.

    1977 සමය තුළ පැවති නිර්මාණාත්මක කාව්‍යකරණයේ මං සලකුණක් ලෙස මෙම කාව්‍යය ග්‍රන්ථය හැඳින්විය හැක.

    මිනිසාගේ සිතට නැගෙන එදිනෙදා ගැටළු හා අර්බුධ ඔප දමන ලද කවි සිතුවිලි හරහා පාඨක මනස පුබුදුවාලන කෘතියක් බවට පත්කිරීම හරහා සිංහල සාහිත්‍යය ලෝකයට නව මානයක් විවරණය කිරීම අගය කළ යුතුයි.

    එලෙස ඔප දමන ලද කාව්‍යය පාඨ කිහිපයක් පහත අයුරින් උපුටා දැක්විය හැක.



    සිද්ධාර්ථ !

    ඔබ මෙන් මම නූපන්නෙමි රජ පවුලක.

    ඉර්තුවෙන් ඉර්තුවට සත්මහල් ප්‍රාසාද

    රජ ඉසුරු අපට නැත.

    එබැවින් ඔබට මෙන් ගිහි ගෙයින්

    යා නොහැක පහසුවෙන්......

    -පිටු 40-



    මේ ලියන මේසය ළඟ

    මේ පුටුව මත හිඳ

    මේ ලිපි ගොනු අතර මැද -

    හාන පෝරු ගැන වී වපුරන වෙල් යායක-

    සටන් පාඨ

    වැඩ වර්ජන

    කම්හල් දැති රෝද අතර -

    ගෑනු පිරිමි එක රොත්තට හිර වී ගෙන

    උදේ හවස වැඩට යනෙන කෝච්චියක

    දෙනෝ දාහක් සෙනග එක්ක

    අපි ඔක්කොම එකට බුදු වීමට.

    -පිටු 42-



    ප්‍රබුද්ධ කාව්‍යයේ මා දකින එකම දුර්වලතාවය වන්නේ එහි කවි බස තුළ තාලයක් හෝ රිද්මයක් නොමැති වීමයි. නමුත් කාව්‍යය තුළ ඇතුළත් විශාල කරුණු ප්‍රමාණය සහ හරයාත්මක පණිවිඩය පාඨකයාට නව මානයක් විවර කර දෙයි.

    ටෙනිසන් පෙරේරාගේ 1967 දි බිහිවූ "දැති රෝදෙන් උපන් බුදුන්" කෘතියේ එන තේමාවන්ගේ දිගුවක් ලෙස මෙම කෘතිය හඳුනාගැනීමට එහි අන්තර්ගතය මාව පොළඹවයි. නමුත් උක්ත කෙටි කතා පොතේ තිබුණු බුද්ධ ධර්මය සහ සිංහල සංස්කෘතික විරෝධය මෙම කෘතිය තුළ දක්නට නොමැත.

    This book is the last collection of poetry by Mahagamasekara published in 1977.

    In a period where capitalism and socialism were at their peak in the world and Sri Lanka itself, the contents of the book reflect a more revolutionary theme to the readers.

    And also by quoting many religious texts throughout the book, the writer has attempted to give a philosophical setting to the readers.

    This book can be considered as a milestone in creative poetry created in the year 1977.

    Day-to-day struggles of the ordinary people are polished and crafted into magnificent poetic thoughts and through this, it awakens the Sinhalese poetry readers mind to achieve an unexpected beauty.

    One of the key weaknesses of this poetry book is that it's not structured with the rhythm of language or rhyming words. But the large collection of information and its collective message gives a new perspective to the readers.

    As a reader of "Deti Roden upan budun" / "දැති රෝදෙන් උපන් බුදුන්" / "Cogwheel Buddha" by Tennyson Perera published in 1967 this collection of poetry can be considered as an extension of the same themes but this book has deviated from the harsh perspectives, Tennyson Perera had on Sinhala culture and Buddhism.

    Dimantha ·
Write a review

You're reviewing: ප්‍රබුද්ධ

Reviews are published once a member of our team has read them.