ප්‍රතිපදා 3
ප්‍රතිපදාහි ඇත්තේ අලි, කොටි, වග, වලසුන් හා විෂ ඝෝර නාගයින් වසන තායිලන්තයේ වනාන්තරවලට වී නිර්වාණ මාර්ගය සාක්ෂාත්කරණය සඳහා ධූතාංග කමටහන් වඩන භික්ෂූන් වහන්සේලාගේ අනුවේදණීය කතා පුවත්ය. වනාන්තරවල රූස්ස ගස් යට, කඳු මුදුන්, ප්‍රපාතාකාර බෑවුම්, පාළු ගල් ගුහා, අමු සොහොන් පිට්ටනි ආදි අප්‍රකට තැන්වලට වී භාවනා කරමින්, සැතපුම් ගණන් දුර පිණ්ඩපාතයේ වඩිමින්, දිනකට එක් වේලක් වළඳමින්, ඇතැම්විට දින ගණන්, සති ගණන් උපවාස කරමින් උන් වහන්සේලා ගත කරනුයේ අතිශයින් දුෂ්කර ජීවිතයකි.
කොටින් හා විෂ ඝෝර නාගයින් දමනය කිරීම, මහා කස්සප මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම, වෙස්සන්තර රජ බිසව වූ මද්‍රි දේවියගේ පැමිණීම, දහස් ගණන් දෙවි දේවතාවන් බණ හා පිරිත් ඇසීමට පැමිණීම, ජලයට වස දැමූ නා රජවරුන් දමනය කිරීම, භික්ෂූන් වහන්සේ නමකට පෙම් බැඳි දේවතාවිය, ගම් බිම් හැර යන භූතයින්, භික්ෂූන් වහන්සේලා දූෂණය කර කාමාශාව සංසිඳුවා ගැනීමට එන ගැබ්බර ස්ත්‍රී අවතාරය ආදි විස්මිත කතා ඇතුළත්, පටිපදා ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ තවත් අපූර්ව පරිවර්තනයකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.