පුංචි පහේ අම්මලාට

Special Price රු. 585.00 Regular Price රු. 650.00
In stock
SKU
punchi-pahe-ammalata-chandana-sooriyabandara-md-gunasena

1979 එක සීතල උදෑසනක,

“ලොක්කේ...” අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි.

අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි.

අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට

අලුත් කළු සපත්තු එක්ව තිබුණි.

වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චීත් එක්ක

කුඹුරු යාය මැදින් විභාග මධ්‍යස්ථානයට ගියෙමි.

"හොඳට ලියන්ට ඈ..... ඔයාට පුළුවන්....”

අප්පච්චී මගේ හිස අතගෑවේ, මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි.

විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු

නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි.

විභාගය අවසන් වී ආවත්

කිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත.

ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි.

ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි!

චන්දන සූරියබණ්ඩාර

Author චන්දන සූරියබණ්ඩාර - Chandana Sooriyabandara (3)
Publisher M.D. ගුණසේන - M. D. Gunasena (672)
More Information
ISBN 9789552133336
පිටු ගණන 186
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පුංචි පහේ අම්මලාට
Back to Top