රස මිහිර
අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් මනුෂ්‍ය සමාජයක් තැනීමය. සියලු ජාතීන්ට, සියලු මනුෂ්‍යයන්ට, ගරු කරන, නීතිය යුක්තිය සුරකින, දරුවන් සුරකින, කාන්තාවන්ට හිංසා නොකරන, පුරවැසියෙකු ලෙස ජීවත්වීමට හැකි අවබෝධයෙන් ජීවත්වීමට අවශ්‍ය අධ්‍යාපනයක් දරුවෙකුට උරුම විය යුතුය.
අද අප දරුවන්ට බොහෝ දේ උගන්වන බව සැබෑය. එහෙත් දරුවන්ගේ වින්දන කුසලතාව දියුණු කිරීම කෙරේ යොමු වී තිබෙන අවධානය, අධ්‍යාපනය ලබා දෙන රාමුව තුළ යහපත් මට්ටමක නැත.
වින්දන කුසලතාව දියුණු කළ යුත්තේ ජීවිතාවබෝධය උදෙසාය. ජීවිතාවබෝධය ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම උදෙසා අවශ්‍යම වේ.
වින්දන කුසලතාව දියුණු කිරීමට කිසියම් මඟ පෙන්වීමක් අවශ්‍ය වන්නේය. ඒ මඟ පෙන්වීම ගුරු භවතුන්ගේ වගකීමකි. ඒ වගකීම මැනවින් ඉටු කිරීමට ගුරුභවතුන් ද සහෘදයන් විය යුතුය.
කවර විෂයක් උගන්වන ගුරුභවතෙකුට වුව එය වැදගත්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.