Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / රත්හඳුන් රූපය

රත්හඳුන් රූපය

About this book

පලිගැනීම, දුප්පතුන් නැති ලෝකය, චාරුමුඛ, වරදත්ත, මේධා, රණරාළ, මළපුඩුව, අවරගිර, විඳිමි වැනි සම්භාව්‍ය සාහිත්‍ය නිර්මාණයන් ද නවකථා කලාව, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය සේසත් වැනි විවිධ විචාරාත්මක නිබන්දනයන් රැසක් ද සිංහල සාහිත්‍ය වංශයට එක් කළ නිසඳස් කවි කලාව ලක්දිවට හඳුන්වා දුන් ජාතියේ මහා ලේඛක ජී. බී. සේනානායකයන් විසින් මීට වසර 50කට පමණ පෙර ළමා පරපුර උදෙසා නිර්මාණය කළ දශක ගණනාවක් තුළ සුවහසක් ළමුන් පින වූ ළමා කථා හයක් අලංකාර නිමාවකින් යුතු ව වත්මන් ළමා පරපුර වෙත මෙසේ තිළිණ කිරිීමට හැකි වීම භාග්‍යයකැයි සිතමු. 

අතිශයින් සුන්දර වූත් චමත්කාරජනක වූත් ළමා ලොවට පිවිස ඔවුන් වෙනුවෙන් රසවත් හරවත් කථාවක් නිවැරදි හා සරල බසින් ඉදිරිපත් කිරීමට ජී. බී. තුළ වූ නිසඟ හැකිායව මෙම කථා කිහිපය තුළින් මනා ව පිළිබිඹු වේ. 

Details
පිටු ගණන (Pages)
31
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: රත්හඳුන් රූපය

Reviews are published once a member of our team has read them.