රිදී දිය රැළි බිඳී
About this book
සඳ එළිය බිඳී බිඳී වැව් තලේ රැළි නගයි
විශ්‍රාම ශාලාව මිනිස් සුවඳින් පිරෙයි
තැන තැන වැටී නිදන වන්දනා නඩයේ
නිදි නොමැති මහලු පියවරුන් සාමීචියේ
ටැප් වතුර වැඩක් නැ වැවෙන් නාගනිමු අපි
අපොයි ඔව් මාත් මේ කියන්න ම හිටියේ
ලොවම නිදි රෑ යමේ සියලු රෙදි පිළි උනා
වැවට පැන ජබොස් ගා දිය කෙළිමු යොවුනත් ව
දෙහෙදු කර රිදී දිය ගසා ජය ගොසින
ගොඩට විත් සඳ දියෙන් දිලෙන නිරුවත් සිරුරු
දැකගතිමු වසාගත් නෙක රහස් මකා දා
ගංදියේ මංකඩේ එදා ගැටවුන් ලෙසේ
හවස් කල ගං උක් මෙදියෙන් ම නාවද්දි
ඇඳුම් බාගෙට උතා ඉළූ හැටි සුදු සබන්
බලා වටපිට අලුත් ඇඳුම් ඇන්දූ අයුරු
සිහිපත් වූ සිනාවක් නැගී සෙලුවට එබෙමි
Details
ISBN
9789550980291
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review