රොබට් නොක්ස්
'රොබට් නොක්ස්' ග්‍රන්ථය, සාහිත්‍ය කෘතියක රසවිඳින අතර ම අපේ ඉතිහාසයේ වැදගත් යුගයක් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අයුරින් සංග්‍රහ කොට ඇත. දෙ වැනි රාජසිංහ රජතුමා (ක්‍රි.ව.1634-1684) කන්ද උඩරට රාජධානියේ රාජ්‍ය පාලනය කළ සමයේ - එ නම් මෙයට ශත වර්ෂ හතරකට ආසන්න කාලයකට පෙර යුගයක - පුරා වසර දහ නවයක් ඉංග්‍රීසි ජාතික නැවියකු වූ කණිෂ්ඨ රොබට් නොක්ස් මෙ රට සිරකරුවකු වශයෙන් දිවි ගෙවී ය. කණිෂ්ඨ රොබට් නොක්ස් ගේ චරිත කතාව, මිනිසකු සතු උට්ඨාන වීර්යය, අධිෂ්ඨාන ශක්තිය හා ස්වකීය අරමුණු හා ඉලක්කයන් ජය ගැනීමට බුද්ධිය මෙහෙයවා කළ කැප කිරීම් විදැද කරන අපුරු අන්දරයකි.
පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ මෙම ග්‍රන්ථයේ වර්තමාන සංස්කරණයට එම වකවානුවේ ඓතිහාසික පසුබිම ගැන සඳහන් පරිශිෂ්ටයට අමතර ව, උප ග්‍රන්ථයෙහි ලා රොබට් නොක්ස් විසින් ම ලියන ලද "An Historical Relations of the Island Ceylon" නමැති ග්‍රන්ථයෙහි ලා ලංකාව ගැන ඔහු පළ කළ වැදගත් අදහස් හා ඔහුගේ නිරීක්ෂණයන්, මෙම කතුවරයා විසින් ම පරිවර්තනය කරනු ලැබ ඇතුළත් කොට ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.