Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සදත්විල මහා සුභද්‍රාවෝ

සදත්විල මහා සුභද්‍රාවෝ රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2003

About this book

සදත් විල මහා සුභද්‍රාවෝ

සේන තෝරදෙනිය

සේන තෝරදෙනිය විසින් රචිත, 2004 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත් ‘සදත් විල මහා සුභද්‍රාවෝ’ නමැති නවකතාව මෙසේ යළි පළවන්නේ වසර දහතුනකට පසුවය. මෙය පළවූයේ, අත්‍යාධික වශයෙන් යුරෝපීය හා බටහිර විලාසයන් මගින් සිංහල සාහිත්‍ය ක්‍ෂෙත්‍රයේ ව්‍යාකූලත්වයක් ඇති කරන ලද වකවානුවකදීය. සමකාලීන සිංහල නවකතාව අපට උරුම වූ පැරණි ගද්‍ය සම්ප්‍රදායෙන් අනුප්‍රාණයක් ලබාගෙන, ඒ පැරණි ගතිකත්වයේ ස්මෘතිය උපදවීමට සමත් විය යුතු, අපේ නවකතාවේ යථාභූත වූ ශ්‍රී ලාංකිකභාවයක් ඇති කිරීමට පියවර ගතයුතු වූ කාලයකදීය.

නව ආකාරයේ වස්තු විෂයක්, ආඛ්‍යානයක්, අන්තර්ගතයක් හා භාෂා ව්‍යවහාරයක් රැගත් ‘සදත් විල මහා සුභද්‍රාවෝ’ සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ අධ්‍යාන රටාව, ගද්‍ය ශෛලිය හා බස්වහර සිහි ගන්වයි. උඩරට ගැමි සමාජ ක්‍රමය හා සම්ප්‍රදායයන් පෙන්නුම් කරන එය මාතෘත්වයේ භූමිකාව මෙන්ම ස්ත්‍රීත්වයේ භූමිකාව මනා ලෙස විදහා දක්වයි. එහෙයින් එය මාතෘත්වය හා ස්ත්‍රීත්වය වෙනුවෙන් ගයන ලද ස්තෝත්‍ර ගීතිකාවක් වැන්න.

ISBN
9789556862959
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සදත්විල මහා සුභද්‍රාවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.