Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සමනයා

සමනයා

About this book

“අතුරුදහන් වෙච්ච අය වෙනුවෙං කාර්යාලයක් පිහිටවල කියල පත්තරේ තියෙන්නෙ… විස්තර ඉල්ලනව…”

ඒ ප්‍රවෘත්තිය ඇග්නස් නෝනා ඇසුවේ පෙරදා රැයේ රූපවාහිනී ප්‍රවෘත්ති වලිනි.

“කෝල් එකක් දීල බලන්න හිතයි”

“මං හිතන්නෙ ඕක උතුරෙ යුද්දෙං බැට කාපු ජනතාව වෙනුවෙං” 

“එහෙ විතරයැ… උතුරෙත් දකුණෙත් දෙකේම සිද්ද වුණේ අතුරුදහං වෙච්ච එකනෙ…”

“ඒ වුණාට අක්කෙ ඕක ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීමක්… මානව හිමිකම්…” 

“ඇයි මෙහෙ කැඩුනෙ දකුණෙ අපේ මානව හිමිකම් නෙවෙයිද…?”

“අනේ මංද අක්කෙ… අක්කට කොච්චර කිව්වත් තේරුං ගන්නැති එකනෙ තියෙන ප්‍රශ්නෙ…”

එවර නම් මාග්‍රට් නෝනා නංගී දෙස බැලුවේ ප්‍රසන්න මුහුණකින් නොවිණි. එය රුදුරු බැල්මකි. මීට මොහොතකට පෙර සිය හදවත සමඟ එකඟ කර ගෙන තිබූ අක්කාගේ යහපත් හැඟීම් සහතිකය ආපසු ඇදගන්නට ඇග්නස් නෝනාට සිදුවිණි.

මාග්‍රට් නෝනා පුවත්පත දෙකට නවා සැටිය මතට වීසි කළාය. එය තැන්පත් කිරීමක් නොව ගස දැමීමක් බව ඇග්නස් නෝනා වටහා ගත්තාය.

“මට තේරුං නොගිය දේවල් මේ ගෙදර කොච්චර නං සිද්ධ වුණාද…? ගෙදර විතරක් නං මදැයි…”

ISBN
9789556565577
පිටු ගණන (Pages)
148
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සමනයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.