Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සිග්නල් කන්ද

සිග්නල් කන්ද

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

මලික් තුසිත ගුණරත්න කේෂ්ත්‍ර ගණනාවක කුසලතා ප්‍රකට කරන ලේඛකයෙකි. නව කතාව, කෙටි කතාව, කවිය හා ගේය කාව්‍ය රචනයද ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය අතර අපට හමු වේ. 

‘සිග්නල් කන්ද’ මලික්ගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වූ ‘හිතුවක්කාර අහස’ කෘතියෙන් වසර දොළහකට පමණ පසුව නිකුත් වන මෙම කෘතිය මලික්ගේ වෙසෙස් කවි ලකුණින් සැරසී තිබේ. එය කවියෙකු අභ්‍යාසකරණයේදී ප්‍රකට කළ යුතු ඉවසීම පිළිබඳ අපට සිහිපත් කරන්නේ යයි මට සිතේ. 

එසේම ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් ඇසුරු කිරීම නමැති සංකීර්ණ ක්‍රියාවලියේදී මලික් ඒවායේ මාධ්‍යයික විශමතා හඳුනා ගැනීමට දක්වන භාෂා සංවේදීතාවයද අපගේ පැසසුමට ලක් වේ. 

කවියා භාෂා චිත්‍රයක් වුවද එම බසෙහි ඇතුළත සිරිසරන මනුෂ්‍ය ආධ්‍යාත්මයේ රුව ගුණ සඟවනු හැකි නොවේ. 

සිය ජීවන සැරියේ සියුම් අත්දැකීම් ඇසුරෙහිදී අපට බසෙහි ඇතුළු ගැබ සැරිසරන මලික් මුණ ගැසේ. ඔහු අපගේ ජීවන ලලාසාව වඩවයි. විටෙක කට වහරත් තවත් විටෙක පුර සහ ජන වහරත් සිය අත්දැකීම් ප්‍රතිනිර්මාණයට පිරිපහදු කර ගන්නා මලික් ‘සිග්නල් කන්දේ’ කඳු මුදුනතට නඟින්නැයි අපට ආරාධනා කර සිටියි.

රවි සිරිවර්ධන

ISBN
9789556565119
පිටු ගණන (Pages)
87
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිග්නල් කන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.