ස්වර්ණ සිහිනය
නිවසට යනවා වෙනුවට ඒ සුඛෝපභෝගි ජිප් රථය මරදාන ආමර් වීදිය ඔස්සේ පැමිණ ඉගුරු කඩේ හංදියෙන් දකුණට හරවා සේදවත්ත පසු කොට ලෝ ලෙවල් මාර්ගයට පිවිසුණේය.
වම් පස කළුම කළු පැහැයෙන් යුතු ප්‍රචණ්ඩ කැලණි ගඟය. රත්නපුරේට වහිනවා ඇතැයි ඔහු සිතුවේය. උඩහ කාලගුණය වෙනස්වෙන විට පහළ මිටියාවත් වල දුප්පත් ජනයාගේ හද ගැස්ම වෙනස් වේ.
ඒ ඔහු අපේක්ෂා කළ ස්ථානයයි. විවේකයක් ගත යුතු නැවතුමයි. කවදා හෝ බුදු බව ලබන්නේ නම් වැඩ සිටින්නට සැලසුම් කරනා ගයා ශීර්ෂයෙයි.
ගං ඉවුරේ වූ එකම දැවැත්ත ගස යටිත් ඔහු ජීප් රථය නැවැත්තුවේය. විසල් ශබ්දයක් නගමින් පිපිරුණු අකුණ, කල්‍යාණිය විසින් ඇදගෙන ගං පතුල යට සඟවා ගන්නවා ඔහු පැහැදිලිවම දුටුවේය. අකුණකින් හෝ පිපිරි යන්නේ නම් එය ශාන්තියකැයි ඔහුට සිතිණි.
කල්‍යාණියගේ වශීකෘත සිනහව අතුරුදහන්ව තිබිණි. ඇය යක් මුහුණක් පැළැඳගෙන සිටී. විශාල ප්‍රමාණයේ දැව කඳන්, රෙජිෆෝම් පෙට්ටි, ලෑලි, වහලවල්වල යකඩ තහඩු මෙන්ම ඇස්බැස්ටෝස් ෂීට්ද දිය ගැඹරේ තෙරපවමින්, අඹරවමින් පහළට ගලා ඇදෙයි. ඒවා පැහැදිලිව දකින්නට එළිය සපයන්නේ නිරන්තරේ දැල්වෙනා අකුණු සර විදුලි එළියයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.