Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශාක්‍යා දේවි - Reading Planet

ශාක්‍යා දේවි - Reading Planet

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව පලවෙනි කවිය. දැන්වීම් කලාවෙ මං ලියපු දාහක් ගණං කවි, ගීත වලට වඩා මට මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ කවිය එයාට දුන්නා. සුපුරුදු විදිහටම මූණෙ අඳුණේ අර ලස්සන හිනාව විතරයි. මට අත් උදව්වට සේවකයෙක් හිටියත් එදා මං මගේ අත් දෙකෙන්ම කෝපි හැදුවා. එයාට යන්න හිතක් තිබ්බේ නෑ.

මට පහදා ගනු බැරි

ආදරේ වදන තුළ ඇති

මෙතෙක් මට කියා නොදී

සඟව ගත්ත රහස

ඔහු දන්නවා ඇති

එයත් රැගෙන ඔහු ආවොත් දුරු රටට

එතෙක් මෙතෙක් දකින

අසිරිමත්ම සඳ ඔබ මගෙ මැණික..

 

එයාට යන්න හිතක් තිබ්බේ නෑ. අන්තිමට මං කිව්වා දැං රෑ වෙලා යන්න කියලා. හෙට එයාර්පොට් යන්න මං කැබ් එකකට කතා කරලා තිබුණේ. ඒත් එයා කිව්වා එයාපෝට් යන්න එනවා කියලා. මං එපාම කිව්වා. ඇහුවේ නෑ. දරාගෙන ඉන්න බැරිම තැන ලිෆ්ට් එක ළඟදි කවිය දීල මං ඇහුවා ‛මේ සංසාරේ කොතැනකදිවත් අපිට ආදරේ හම්බවෙන එකක් නැද්ද?' කියලා. ඒකටත් උත්තරේ අර ලස්සන හිනාව විතරයි. පෙරුම් පුරන බෝසතුන්ටත් ආදරේ හම්බ වෙනව ජයදේව. සිදුහත් කුමාරයත් ආදරේ වින්දා. යසෝදරා ආදරයක් නඩත්තු කරා...'

ISBN
9786245577101
පිටු ගණන (Pages)
345
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශාක්‍යා දේවි - Reading Planet

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.