Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශාක්‍යා දේවී

ශාක්‍යා දේවී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මට පහදා ගනු බැරී

ආදරේ වදන තුළ ඇති

මෙතෙක් මට කියා නොදී

සඟව ගත්ත රහස

ඔහු දන්නව ඇතී

එයත් රැගෙන හණික

අවොත් දුරු රටට

එතෙක් මෙතෙක් දකින

අසිරිමත්ම සඳ ඔබ

මගෙ මැණික!

 

මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව

පළවෙනි කවිය. දැන්වීම් කලාවෙ මං ලියපු

දහස් ගණං කවි, ගීත වලට වඩා මට

මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ

කවිය එයාට දුන්න. සුපුරුදු විදිහට මූණෙ

ඇඳුනෙ අර ලස්සන හිනාව විතරයි. මට

අත් උදව්වට සේවිකාවක් හිටියත් එදා මං

මගේ අත් දෙකෙන්ම කෝපි හැදුව.

එයාට යන්න හිතක් තිබ්බෙම නෑ.

අන්තිමට මං කිව්ව දැං රෑ වෙලා යන්න කියල.

හෙට එයාපෝට් යන්න මං කැබ් එකකට කතා කරල තිබුණ.

ඒත් එයා කිව්ව එයාපෝට් යන්න එනව කියල.

මං එපාම කිව්ව. ඇහුවෙ නෑ.

දරාගෙන ඉන්න බැරිම තැන ලිෆ්ට් එක ළඟදි කවිය දීල මං ඇහුව

'මේ සංසාරෙ කොතනකදිවත් අපිට ආදරේහම්බවෙන එකක් නැද්ද?' කියල.

ඒකටත් උත්තරේ අර ලස්සන හිනාව විතරයි.

පෙරුම් පුරන බෝසතුණ්ටත් ආදරේ හම්බ වෙනව ජයදේව.

සිදුහත් කුමාරයත් ආදරේ වින්දා. යසෝදරා ආදරයක් නඩත්තු කරා......

ISBN
9786245638123
පිටු ගණන (Pages)
342
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශාක්‍යා දේවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.