ශාක්‍යා දේවී

Special Price රු. 595.00 Regular Price රු. 700.00
In stock
SKU
shakya-devi-malik-thusitha-gunarathna-sooriya

මට පහදා ගනු බැරී

ආදරේ වදන තුළ ඇති

මෙතෙක් මට කියා නොදී

සඟව ගත්ත රහස

ඔහු දන්නව ඇතී

එයත් රැගෙන හණික

අවොත් දුරු රටට

එතෙක් මෙතෙක් දකින

අසිරිමත්ම සඳ ඔබ

මගෙ මැණික!

 

මේ මං මගේ ආදරේ වෙනුවෙන් ලිව්ව

පළවෙනි කවිය. දැන්වීම් කලාවෙ මං ලියපු

දහස් ගණං කවි, ගීත වලට වඩා මට

මේක අමිලයි ජයදේව. මං එදා රෑ මේ

කවිය එයාට දුන්න. සුපුරුදු විදිහට මූණෙ

ඇඳුනෙ අර ලස්සන හිනාව විතරයි. මට

අත් උදව්වට සේවිකාවක් හිටියත් එදා මං

මගේ අත් දෙකෙන්ම කෝපි හැදුව.

එයාට යන්න හිතක් තිබ්බෙම නෑ.

අන්තිමට මං කිව්ව දැං රෑ වෙලා යන්න කියල.

හෙට එයාපෝට් යන්න මං කැබ් එකකට කතා කරල තිබුණ.

ඒත් එයා කිව්ව එයාපෝට් යන්න එනව කියල.

මං එපාම කිව්ව. ඇහුවෙ නෑ.

දරාගෙන ඉන්න බැරිම තැන ලිෆ්ට් එක ළඟදි කවිය දීල මං ඇහුව

'මේ සංසාරෙ කොතනකදිවත් අපිට ආදරේහම්බවෙන එකක් නැද්ද?' කියල.

ඒකටත් උත්තරේ අර ලස්සන හිනාව විතරයි.

පෙරුම් පුරන බෝසතුණ්ටත් ආදරේ හම්බ වෙනව ජයදේව.

සිදුහත් කුමාරයත් ආදරේ වින්දා. යසෝදරා ආදරයක් නඩත්තු කරා......

Author මලික් තුසිත ගුණරත්න - Malik Thusitha Gunarathna (8)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9786245638123
පිටු ගණන 342
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශාක්‍යා දේවී
Back to Top