Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ ප්‍රාණ

සඳ ප්‍රාණ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''ඇයි ඔයා මට මෙහෙම කළේ.?”

ඈ කැලෑව මැද්දෑවේ හිඳ කෑ ගසමින් පැවසුවාය. ජීවිතයේ එකම එක වතාවක් ලැබූ ආදරණීයම ආමන්ත්‍රණයත්, උණුසුමත් වෙනුවෙන් තවත් කල් නිහඬවම මග බලා සිටින්නට හඬා දොඩා අවසානයේ ඈ තීරණය කළාය. කෙතරම් ඔහු වෙනුවෙන් හඬ ගැසුවද, හඬා වැටුනද ඔහු නොපැමිණෙන බව සිතට වැටහෙන විට ඈ නිහඬ වූවාය. නමුදු කෙදිනක හෝ ඔහු තමා වෙනුවෙන් පැමිණෙන බව සඳ දෙව්දුව දැන සිටියාය. හෝරා කීපයකට පමණක් අහම්බයකින් සිය දිවිය සුරකින්නට, එකම වතාවක් හමු වූ ආගන්තුකයා නැවත පැමිණෙන බලාපොරොත්තුවක් ඈ තුළ නොවීය. ඈ වෙනුවෙන් කිනම් දිනෙක හෝ පැමිණෙන බව ඔහු නොපැවසුවේය. කෙටියෙන්ම කිවහොත් ඔහු යන බවවත් ඇයට නොපවසා ගියේය. එනමුදු සඳ දෙව්දුව ඔහු පැමිණෙතැයි දැනෙන උමතුවේම ගිලී සිටියාය. නන්දලාල් හට ආහාර රැගෙන යන සන්ධ්‍යාවලදී ඈ ෆයිනස් කැලෑව මත නෙතු බැල්මක් වුව නොතැබුවාය.

 ̋ඔයා කවදමහරි දවසක එනවා. ඒ මේ කැලෑව අස්සෙන්නම් නෙමෙයි. මම ඒක දන්නවා...”

ඇය නිරන්තරයෙන්ම සිය සිතට පවසා ගන්නාය.

ISBN
9786246596514
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳ ප්‍රාණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.