Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සන්තාන සිත්තම්

සන්තාන සිත්තම්

About this book

"ඔව් දෙව්... මටත් ඕන ඒ වගේ ආදරයක්... ඒතරම් ආදරයක් මම දැකලා නැහැ”

“මම නම් ඊට වඩා ආදරයක් දැකලා තියනවා තුෂ්... මම ඔයාට දෙන්නම් ඒ වගේ ආදරයක්... ඒත් මට සැකයි... ඒ තරමට මනුස්සයෙකුට ආදරේ කරන්න පුළුවන් ද කියලා ”

දෙනෙත් - තුමායා

"හොඳයි අප්පච්චී... ගිහින් එන්නම්” බිඟුන්ගේ අතට ඒ සුරත සිර විය. ඇයගේ සවනට ඒ දෙතොලේ සුසුමේ උණුසුම සමඟ කිතියක්ද දැනිණි. “එකක් නම් බැහැ රන්... මගේ වයිෆ්ට බබාලා තුනක්වත් ඕන... ඒ නිසා ඔය සුදු බංඩිය පරිස්සමට තියා ගන්.

බිඟුන් - පවීන්

උඹේ ලොකුකම හොඳටම වැඩි වුණේ මයෙ ඉවසීමක් එක්ක ගර්ලියෝ... උඹ මොකද්ද මට කිව්වේ... උඹව බලන්ට මනමාලයෙක් ආවා කියලා නේද.... තෝව බඩ කොරලා අත ඇරියාම ඒකා ඇවිත් ඇන්න යයි... දෑවැද්දට බඩත් එක්කම” "මාව විශ්වාස කොරන්ට අයියණ්ඩි... මම මුසා කිව්වේ අයියණ්ඩි එක්කම එන්ට මනාප නිසානේ... එතකොට අයියණ්ඩි මාව ඇන්න යයි කියලා "

බැසිල් - ගර්ලි

"තියෙන විසේකාරකම... ඒකට මොකද තවම කිරි සුවදක් කන වැටුණේ නැතුවා.... අයියණ්ඩි මඟ ඇරලා එන්ට කීවේ මට” "අයියණ්ඩිත් මග ඇරලා නැතුවා නොවෑ....ඔය දින තුන හතරකට වරක් කාමරේ දොර වැහෙන්නේ... මං ඒ ගැන හෝදිස්සියෙන් ඉන්නේ"

ඩියරිස් - ඇලිස් නෝනා

"මට වඩා උඹටයි එහෙනං ඕනෑ කොම... හිටින්කෝ... මං අද තෝව යසට මට්ටු කොරන්නම් නැගිට ගන්නට බැරි වෙන්ට " "අනේ මයෙ උන්නාන්සේ... මං තමුන්නාන්සෙගේ පණ කෙන්ද නොවැ... මං හින්නිවත් කැන්දන් එන්ට ඉන්න කුමාරිහාමිවත් නෙවේ... බෝනි... වහම්පුර පොඩිස්සී... මා ළඟ තමුන්නාන්සේ සීමා ඇතුව දගකම් පාන්නේ නැතුවා නොවෑ "

ඩොයිල් - බෝනි

ISBN
9786245626342
පිටු ගණන (Pages)
396
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්තාන සිත්තම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.