Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සසල මැදුර

සසල මැදුර

ප්‍රකාශක (Publisher): නිපුන් පොත් - Nipun Poth
About this book

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගුණරත්න ඒකනායක, තෙල්දෙණිය මධ්‍ය මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබු ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කළමණාකරුවෙකු වශයෙන්ද , වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය උපදේශකවරයෙකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.

විවධ මාතෘකා ඔස්සේ සිය ලේඛන දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ත ලංකා යොවුන් නවකතා තරගයේ ප්‍රථම ස්ථානය දිනු ''තෑගි ගොඩයි''  කෘතියේ කතුවරයාය. 2003 ඩී. ආර්. විජයවර්ධන නවකතා තරඟයේ තුන්වන ස්ථානය දිනු ''යාපනය තවමත් ඈතයි'' නවකතාවද, 2005 සංස්කෘතික දෙපාර්තුමේන්තුව මගින් සංවිධානය කළ නවකතා තරගයෙන් තෝරාගත් ''අලුත් වලව්ව'' නවකතාවද , 2007 එම තරගයෙන් ජයගත් ''අපේම මිනිස්සු'' නවකතාවද ඔහුගේය. 2008 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා ''අපේම මිනිස්සු'' නිර්දේශ වූ අතර 2012 දී ඔහු විසින් ලියන ලද ''සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි'' එම තරගයේ නිර්දේශිත කෘතියක් වශයෙන් තෝරා ගන්නා ලද අතර 2015 වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මාන සඳහා ''ගඟ අසබඩ සුරංගනාවී'' යොවුන් නවකතාව ද නිර්දේශ විය.

වේදිකා නාට්‍ය කිහිපයක්ද නිපදවා ඇති ඔහු වාර්තා චිත්‍රපටි මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද නිපදවා කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාව පෙන්නුම් කරයි.

Details
ISBN
9786245748020
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සසල මැදුර

Reviews are published once a member of our team has read them.