සසර බන්ධනය
... කට හඬ ආවේ මිදුල දෙසිනි. තාන්‍යා මෝහනයෙන්ම දොර විවර කරගෙන එළියට ගියාය. දැන් කටහඬ ඇයට වඩාත් හොඳින් ඇසෙන්නට විය. එය ආවේ ලොවි ගස දෙසිනි. තාන්‍යා කෙමෙන් ලොවිගස අසලට ගියාය. හාත්පසම ගන අන්ධකාරයේ ගිලී තිබිණි. මූසල වියළි හුළඟක් දසත හමා ගියේය. රකුසු ඇස් මෙන් ලොවි ගෙඩි සඳ එළියේ දිළිසුණේය. 'එන්න එන්න' ලොවි ගස ඇයට අඬ ගැසුවාය. තාන්‍යා ලොවිගස වැළඳ ගත්තාය.ලොවි ගසද සිය අතු වලින් ඇයව වැළද ගත්තාය. ඇයට සංසාරගත උණුහුමක් දැනී ඕ ඒ තුළ මොහොතකට ගිලී ගියාය. 'අපිව විනාශ කළ උන්ගෙන් පළි ගන්න. ලොවි ගස ඇයට කීවාය.
..... ඔවුහු දෙදෙනා තාන්‍යා සොයමින් එළියට ගියෝය. එදා පායා තිබූ අව අටවක සඳ මේ සිදුවන සියල්ල සාවධානව බලා සිටියේය. අහස මුදුනට වන්නට දඩයක්කාරයා දිස් විය. හදිසියේම පැමිණි ගන වලාවක් තුළ දඩයක්කාරයා මෙන්ම අව අටවක සඳ පලුවද සැඟව ගියෙන් සියල්ල ගන අන්ධකාරය හා මුහු වී ගියේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
සසර බන්ධනයගොඩක් ආසාවෙන් එක දිගට කියවගෙන ගිය කෘතුහලය පිරුණු කතාවක්