සසර බන්ධනය

Special Price රු. 637.50 Regular Price රු. 750.00
In stock
SKU
sasara-bandanaya-shajani-ranasinghe-sooriya-publishers

... කට හඬ ආවේ මිදුල දෙසිනි. තාන්‍යා මෝහනයෙන්ම දොර විවර කරගෙන එළියට ගියාය. දැන් කටහඬ ඇයට වඩාත් හොඳින් ඇසෙන්නට විය. එය ආවේ ලොවි ගස දෙසිනි. තාන්‍යා කෙමෙන් ලොවිගස අසලට ගියාය. හාත්පසම ගන අන්ධකාරයේ ගිලී තිබිණි. මූසල වියළි හුළඟක් දසත හමා ගියේය. රකුසු ඇස් මෙන් ලොවි ගෙඩි සඳ එළියේ දිළිසුණේය. 'එන්න එන්න' ලොවි ගස ඇයට අඬ ගැසුවාය. තාන්‍යා ලොවිගස වැළඳ ගත්තාය.ලොවි ගසද සිය අතු වලින් ඇයව වැළද ගත්තාය. ඇයට සංසාරගත උණුහුමක් දැනී ඕ ඒ තුළ මොහොතකට ගිලී ගියාය. 'අපිව විනාශ කළ උන්ගෙන් පළි ගන්න. ලොවි ගස ඇයට කීවාය.

..... ඔවුහු දෙදෙනා තාන්‍යා සොයමින් එළියට ගියෝය. එදා පායා තිබූ අව අටවක සඳ මේ සිදුවන සියල්ල සාවධානව බලා සිටියේය. අහස මුදුනට වන්නට දඩයක්කාරයා දිස් විය. හදිසියේම පැමිණි ගන වලාවක් තුළ දඩයක්කාරයා මෙන්ම අව අටවක සඳ පලුවද සැඟව ගියෙන් සියල්ල ගන අන්ධකාරය හා මුහු වී ගියේය.

 

 

Author ශජානි රණසිංහ - Shajani Ranasinghe (3)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (492)
More Information
ISBN 9786246446758
පිටු ගණන 129
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සසර බන්ධනය
Back to Top