එම මොහොතේ මා සිටියේ අසිහියෙන් මෙනි. සිදුවන්නේ කුමක් දැයි මාහට මනා වැටහීමක් නොතිබුණි. මට හොඳ සිහිය එනවිට මා සිටියේ පිහිනුම් තටාකය මතට නැවත නැවත මතු වෙමින්, මගේ දිවි බේරා ගන්නට වෙර දරමිනි. මා මට හැකි අයුරින් මාව බේරා ගන්න යැයි වෙර යොදා කෑ ගැසුවා මට මතකය.
එහෙත් අවසානයේ මා ජල තටාකය තුළටම ගිලී යනු මට දැනුණි. ජලය මගේ පෙනහලු තුළට ඇතුළු වී, මගේ ආශ්වාස ප්‍රශ්වාසයද අඩපණ වී යනු මට හැගුණි. මම අපහසුවෙන් හුස්ම ගත්තෙමි. මට අධික සීතලක් හා භීතියක් දැනුණි. ඔව්, ඔබ සිතුවා නිවැරදිය. ඒ මොහොතේ මම මරණ බිය අත්වින්දෙමි. මගේ හෘදස්පන්දනය ද මන්දගාමී වී යනු මට හැඟුණි. මොහොතකින් සියල්ල නිශ්චල වී මම මගේම නිසල සිරුර දෙස බලා සිටියෙමි. එහෙත් ඒ මොහොතකට පමණි. එක් වරම කිසියම් බලවේගයක් විසින් ජල තටාකය දෙබෑ කරගෙන මගේ සිරුර ඉහළට ඔසවාගෙන එනු මට හැගුණි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.