Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සසර කතර තරණය කර

සසර කතර තරණය කර

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

නිර්මල බුදු දහම ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ. එම නිසා ම, බුදු දහමේ වටිනා ම කොටස්, දැකගත යුතු අර්ථවත් දේ අපෙන් සැඟවී ගොස් ඇත. සිලවත්හෙනේ බෝධිචිත්තා මෙහෙණින් වහන්සේ, අමිල වටිනාකමක් ඇති බුදු දහම ඉතා ම පැහැදිලි ලෙස, අර්ථවත්ව, සරලව, ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි විස්තර කිරීමට උසස් හැකියාවක් ඇති, මෑත යුගයේ මා දුටු මෙහෙණින් වහන්සේ නමකි.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධි ලැබීමෙන් විද්‍යා දැනුමේ තරඟයට ගිය මෙහෙණියෝ, අභිධර්ම කරුණු, විද්‍යාව හා මනෝ විද්‍යාව සමඟ සසඳමින්, ඉතා සාර්ථකව පැහැදිලි කර දෙති. උන්වහන්සේ ලොව බොහෝ රටවලට වඩිමින්, ලොව වෙසෙන ජනතාවට දහම් දැනුම බෙදා දෙමින් කටයුතු කරති. මේ නිසා ම, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව වැනි ලොව බොහෝ රටවල ජනතාව, මේ වනවිට සැබෑ නිවන් මඟ දැකීමට සූදානම් වෙති.

අජාන් බ්‍රහ්මවංසෝ සහ මහාබෝධි සංගමයේ මහා ලේකම් පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ආදීන්ගේ ආශිර්වාදය ලබමින්, ථේරවාද බුදුදහම ලොව පුරා ප්‍රචලිත කිරීම උදෙසා උන්වහන්සේ කැපවී සිටිති.

ඇය සිංහලෙන් සහ ඉංග්‍රීසි බසින් බුදු දහම ඉතා පැහැදිලිව විස්තර කරන අයුරු මම රූපවාහිනී වැඩසටහන් මඟින් දැක ඇත්තෙමි. උන්වහන්සේ විසින් පවත්වන කෙටිකාලීන භාවනා වැඩසටහන් සඳහා මගේ පවුලේ සාමාජිකයන් සහ මම සහභාගි වී, ජීවිතයට අර්ථවත් විස්තර අත් නිසා වෙන් ම, උන්වහන්සේගේ ශාසනික මෙහෙවර මම පිළිබඳව මා තුළ විශාල භක්තියක් ඇතිවිය.

අතිශය සංකීර්ණ වූ වත්මන් ලෝකයේ යා යුතු මඟ නොදැන අතරමං වී, සතුට සැනසිල්ල සොයන සෑම දෙනාට, සැබෑ සතුට අධ්‍යාත්මිකව සොයා ගැනීමට අදාළ මූලික ධර්ම කරුණු රැසක් අන්තර්ගත කරමින්, කරුණු ලියැවුණු කෘතියක් ලෙස සසර කතර තරණය කර කෘතිය හැඳින්විය හැකි ය. මේ කෘතිය සම්පාදනය කළ කතුවරිය, මුල් පරිච්ඡේදයේ සිට ඉතා ක්‍රමානුකූලව සත්‍යාවබෝධය පාඨකයාට සිතෙන්නට හැකි පරිදි පොත රචනා කර තිබීම ද, පැසසුම්දායක ය. ජීවිතයේ සැබෑ අරුත සොයන සැමට මේ පොත ආලෝකයක් ම වේවා!

- කුමා ඉද්දමල්ගොඩ
දර්ශනපති, මනෝවිද්‍යා, ජෛවවිද්‍යා විශේෂඥ

ISBN
9789550822867
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසර කතර තරණය කර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.