සටන්කාමීයා
About this book
හැත්තෑ එකේ කැරැල්ල නම් වන දේශපාලනික ක්‍රියාකාරීත්වය අනන්‍යතාව ලෙසින් ගෙන හඳුන්වා ගැනීමට කෙරෙන පුද්ගලයෙකුගේ ස්වයං කථන දේශපාලන ඉතිහාසකරණයක් ලෙසින් පැට්‍රික් ප්‍රනාන්දු විසින් රචිත මෙම කෘතිය වැදගත්ය. මෙම කෘතියෙහි ආරම්භයෙහි සිට අවසානය දක්වා ඇදෙන හුයක් වෙයි එය නම් අනෙකාගේ ප්‍රශෟන කෙරෙහි දක්වන උනන්දුව තුළින් ප්‍රකට කෙරෙන විමුක්තිවාදි ප්‍රවේශයයි. එය සබරගමුව පළාතේ කුල පීඩිතයාගේ සිට අනුරාධපුරයේ ගොවියා ද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ද වශයෙන් පුළුල් පරාසයක් කරා යොමුවන්නේ මෙම කෘතියෙහි රචකයා ද ඔහු සමඟ ඒකරාශීවන අනෙකුත් සහෝදර සහෝදරියන් ද බලමුළු ගන්වන සමාජ විමුක්තිය පිළිබඳ අභිලාෂය විසින් ඔවුන්ව මෙහෙයවනු ලැබීම හේතුවෙන්ය. මෙහි රචකයා දේශපාලන කණ්ඩායම් සහ සන්ධානවලට ගොනුවන්නේ ඒවායින් වෙන්වන්නේ ද සමහර විට නැවතත් ඒවා සමඟ එක්ව හෝ සහයෝගිතා පදනමින් හෝ ක්‍රියාත්මකවන්නේද හුදු පුද්ගලානුබද්ධ හෝ ආත්මානුබද්ධ හේතුමත නොව සමාජ විමුක්තිය කේන්ද්‍රකරගත් තම දෘෂ්ටියට අනුගතවය. එහෙයින් ඔහුට තමන් නිමග්නවූ හෝ නිමග්න වන දේශපාලනය පිලිබඳව විචාරශීලීව බැලීමට හැකිවෙයි.
හැත්තෑ එකේ කැරැල්ල වරපත්‍රයක් ලෙසින් ගෙන බල දේශපාලනයෙහි ඉහළට නැගීමට ක්‍රියා නොකළ ඒ වෙනුවට බහුජන අරගල පිළිබඳ වන බිම් මට්ටමෙහි දේශපාලනය තෝරාගත් ක්‍රියාධරයෙකුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශය කුමක්ද? කෑගලු නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරවා ගෙන සිය වෙදකම කර ගෙන පියෙකුගේ පුතේ රාජගිරියේ බණ්ඩාරනායක පුර නව නිවාස යෝජනා ක්‍රමයේ පර්චස් 2 ½ වපසරියක තනන දෙමහල් නිවෙසක පදිංචිවෙයි. මෙහි ඇති වැදගත්කම කුමක්ද? පළමුවැන්න පාරම්පරික උරුමයයි. දෙවන්න තම ක්‍රියාකාරීවය තුළ සිටි සහ එයට ආධාර වූ සහෝදරත්වයෙහි තිළිණයයි. දෙවැන්න ඉතාමත් අසීරුය. එයට හේතුව එය ඔහු දිනාගත් දේශපාලනයෙහි හෘදය සාක්ෂිය පිළිබිඹූ කරන්නක් වීමයි. මෙම රචකයා පිය උරුමය අත්හැර ඇති බවක් මෙයින් අදහස් නොවෙයි. ඔහුගේ පියා වූ ටී. විලියම් ප්‍රනාන්දු ලංකා සමසමාජ පක්ෂයේ පුරෝගාමියෙකු වූ අතර ඔහු එම උරුමය තවත් තියුණු ලෙසින් එහි ජීව ගුණය නොනැසෙන ලෙසින් ඉදිරියට ගෙන ගොස් ඇත. එහයින් මෙම කෘතිය සමාජ ඉතිහාසය පිළිබඳ කියවෙන පුද්ගල කථන ලියවිල්ලකි.
සාමිනාදන් විමල්
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වාග්විද්‍යා සහ ඉංග්‍රීසි අධ්‍යනාංශය
යාපනය විශ්වවිද්‍යාලය - යාපනය
Details
ISBN
9786245542048
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review