Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සෙනහස

සෙනහස

About this book

උදෑසන සිටම, විටින් විට හැද හැලුණු පොද වැස්ස තුරල් ව තිබිණ. වැහි වලාකුළු ටිකෙන් ටික ඈතට යද්දී, පරිසරය සිසාරා අව් දැල්ලක් පැතිර යමින් පැවතිණ. තුරුලිය අතු පතර රැඳි දිය බිඳු මත හිරු එළිය පතිතව, ඒවා දිලිසුනේ, කුඩා දියමන්ති මෙන්ය. සැඳෑ සමයේ, සිය කූඩු සොයා යන සියොත් කැලගේ නාදය දසත රැව් දුන්නේය. එකවර මුළු පරිසරයටම නව පණක් ලැබුණාසේ, තලතාට දැනෙන්නට විය. සශ්‍රීකව වැඩුණු ගහකොළින් පිරී ගිය ඉදිරිපස ගෙඋයන පමණක් නොව, නිවසට වැටී තිබුණු මාර්ගය ද ආලින්දයේ සිටි තලතාට හොඳින් දර්ශනය විය. වරෙක අත තිබූ පුවත් පත බලමින් ද, වරෙක පරිසරයේ ආස්වාදය විදිමින් ද, ආලින්දයේ හාන්සි පුටුවක් මතට වී සිටි තලතාගේ දෙනෙත් වරින්වර යොමුව තිබුණේ. පාර දෙසටය. ඇය එලෙස පෙරමඟ බලමින් සිටියේ. අධිනීතිඥයෙකු වූ ඇයගේ සැමියා වන බුවනෙක උසාවි ගොස් ආපසු නිවසට එනතුරුය.

දේවක, සුනෙත් සහ අංජලී නිවසේ සිටින විට, ඔවුන්ගේ කතාබස් සහ සිනහ හඬින් නිවස පිරී ඉතිරි ගොස් තිබුණ ද, ඔවුන් තිදෙනා නිවසින් බැහැරව වෙසෙන්නට පටන් ගත් දා සිට, එම සුවිසල් නිවස තුළ, තලතාට මහත් පාළුවක්, තනිකමක් දැනෙන්නට වී තිබිණ. එහෙයින් නිවස තුළට වී සිටිනවාට වඩා එලෙස ආලින්දයට පැමිණ, ගෙඋයන දෙස බලාසිටීම හෝ පොතක්. පත්තරයක් කියවීම, තලතාට සිය කාලය ගෙවා ගැනීමට යම් පහසුවක් ඇති කළේය.

ISBN
9786246881221
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෙනහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.