Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිරි යහන

සිරි යහන

ප්‍රකාශක (Publisher): සුභා ප්‍රකාශන - Suba Prakashakayo
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ්‍යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහිදී සුමනදාස හා රේණු යන පති පතිනීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සානුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

මහාචාර්ය සුනිල් ආරියරත්ත

ISBN
9786249902206
පිටු ගණන (Pages)
267
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිරි යහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.