සිරි යහන

Special Price රු. 720.00 Regular Price රු. 800.00
Out of stock
SKU
siri-yahana-kulasena-fonseka-suba-publishers

රන් හුයෙන් දෑඟිලි බැඳ, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිඳ - එක පතැ බොජුන් වළඳා - එකමැ සිරි යහන වැද - උනුන්ගේ අධ්‍යාත්මයන් වටහාගන්ට නැතක් වෙහෙස දරති; දිය පිට තැනූ නිවෙසක් දිය රළ හා වංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිඳ වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන යන්ට අරගල කරති. එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත් වෙත්ද? විවාහය හා පවුල් සංස්ථාව අළලා කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහිදී සුමනදාස හා රේණු යන පති පතිනීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සානුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

මහාචාර්ය සුනිල් ආරියරත්ත

Author Kulasena Fonseka (13)
Publisher සුභා ප්‍රකාශන - Suba Prakashakayo (13)
More Information
ISBN 9786249902206
පිටු ගණන 267
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිරි යහන
Back to Top