ස්මරණ
ගොමගොඩ, එළමල්පොත මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගුණරත්න ඒකනායක තෙල්දෙණිය මධ්‍යම මහා විදුහලෙත් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ද කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.
විවිධ මාතෘකාවන් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුන් නවකතා තරගයේ ප්‍රථම දිනූ “තෑගී ගොඩයි” කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජේවර්ධන තව කතා තරඟයේ තුන්වන ස්ථානය දිනූ යාපනය තවමත් ඈතයි.” නව කතාවද, 2005 සංස්කෘතික දෙපාර්ථමේන්තුව මගින් සංවිධානය කල නව කතා තරඟයේ තෝරාගත් අලුත් වලව්ව නව කතාවද, 2007 එම තරගයෙන් ජයගත් අපේම මිනිස්සු නව කතාවද ඔහුගේය. 2008 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා අපේම මිනිස්සු නිර්දේශ වූ අතර 2012 දී ඔහු විසින් ලියන ලද සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි එම තරගයේ නිර්දේශිත කෘතියක් වශයෙන් තෝරා ගන්නා ලදි.
වේදිකා නාට්‍ය කිහිපයක්ද නිපදවා ඇති ඔහු වාර්ථා චිත්‍රපටි මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද නිපදවා කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරයි.
| Author | ගුණරත්න ඒකනායක - Gunarathna Ekanayake (16) |
|---|---|
| Publisher | නිපුන් පොත් - Nipun Poth (70) |
| ISBN | 9786245748051 |
|---|---|
| පිටු ගණන | 114 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




