Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සොඳුරු ළඳුන් ඇසුරේ

සොඳුරු ළඳුන් ඇසුරේ

About this book

නිතර මැසිවිලි නගන, වහා කිපෙන සුලු තම බිරිඳ සමග ගත කළ වසර දහතුනක අවාසනාවන්ත විවාහ දිවියට සමු දී ඇගෙන් වෙන් වන ව්‍යාපාරික මිලියනපතියෙකු වන මොහාන් කුමාර් තම ජීවිතය අලුතින් පටන් ගැනීමට තීරණය කරයි. ආදරයේ සත්‍ය පදනම රාගය යැයි චිත්තු ගනිමින් ඔහු නිර්දය සැලසුමකට අර අදියි. කිසිදු අමතර කොන්දේසියකින් තොරව, වැටුපකට පමණක් යටත්ව සිය ජීවිතය මෙන්ම, සයනය ද බෙදා හදා ගැනීමට කැමැති සහකාරියනට ඇරයුම් කරමින් ඔහු පුවත්පත් දැන්වීමක් පළ කරයි. ඒ අනුව ඔහුට මුණගැසෙන අපූරු ගැහැනු සමාගමය ඔස්සේ ඔහු සුව පහසු ගමනකට මුල පුරයි.

හර්යානා නගරයේ සිට පැමිණෙන, සරෝජිනී භාරද්වාජ් නැමැති ලැජ්ජාශීලී මහාචාර්යවරියගේ අසීමිත අනුරාගය මොහාන් මවිතයට පත් කරයි. ගෝවේ සිට පැමිණෙන, සරාගී වෘත්තීයමය සම්බාහිකාව, මෝලී ගෝමස්, තමිල්නාඩු හෙදියක වන මාරි ජෝසෆ් හා චිත්තාකර්ෂණීය, හුරුබුහුටි යුවතියක වන ශ්‍රී ලංකාවේ සුසන්තිකා ගුණතිලක මෙම ගමනේදී ඔහුට මුණගැසුණද ඒ හැම කෙනෙකුම හා ඔහු ඇති කරගන්නා සබඳතා කෙටි කාලයකට සීමා වෙයි. එක් සබඳතාවයක් අවසන් වී, ඊළඟ සබඳතාවය ඇරඹෙන්නට පෙර අතර මැද කාලය තුළ මොහාන් අස්වැසිල්ලක් ලබන්නේ අතීතයේ ඔහුගේ සිත වසඟ කළ ගැහැනු සමාගමය හා ගෙවූ කාලය ගැන සිහිපත් කිරීමෙනි.

ජනප්‍රිය ඉන්දියානු ලේඛක කුෂ්වාන්ට් සිං මෙම නවකතාව තුළින් මිනිසා තුළ ඇති, එහෙත් සදාචාරයේ හා සභ්‍යත්වයේ කඩතුරාවෙන් වැසුණු ආදරයේ, අනුරතියේ හා ලිංගිකත්වයේ සැඟවුණු පැතිකඩ ශෘංගාරාත්මක ලෙස හෙළිදරව් කරයි.

ISBN
9789553103864
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොඳුරු ළඳුන් ඇසුරේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.