Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සෝම හිමි අප්‍රකට ලිපි

සෝම හිමි අප්‍රකට ලිපි

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
සෝම හිමි අප්‍රකට ලිපි ධර්ම සන්නිවේදනයෙහිලා මෙරට ජවසන්නිවේදන ක්ෂේත්‍රයේ විප්ලවීය පිබිදීමක් ඇති කළ යතිවරුන් අතරින් අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් හට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. එක්දහස් නවසිය අනූහත වසරේදී පමණ අරඹන ලද ධර්ම ශාස්ත්‍රීය ජාතික මෙහෙවරේ දී මාධ්‍ය මඟින් උන්වහන්සේ සමඟ නොසැලී ඉදිරියට ගිය අතලොස්සකටත් අඩු මාධ්‍යවේදීන් අතරින් ප්‍රවීණ මාධ්‍යවේදිනි ඉන්දු පෙරේරාට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. ඒ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ජීවමානව වැඩසිටි සමයේ එනම්, 2001 වසරේ ප්‍රකාෂිත ‘සෝම හාමුදුරුවෝ’ නම් උන්වහන්සේගේ අසිරිමත් චරිතාපදාන කෘතියේ කතුවරිය ඇය වීම නිසාය. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සමඟ පැවැත්වූ සමකාලීන පුවත්පත් සාකච්ඡා සහ විශේෂාංග සමුදායක් මෙලෙස ග්‍රන්ථාරූඪ කොට ඇති අතර මෙතෙක් ග්‍රන්ථයකට නොනැගුණු පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ ආගමික, දේශපාලනික ලිපි සහ උන්වහන්සේගේ දුලබ ඡායාරූප මෙහි අන්තර්ගතය. උන්වහන්සේගේ ධර්ම කාහලය වත්මන් සහ මතුපරපුරට තිළිණ කිරීම ඉතා වැදගත් කාලීන මෙහෙවරක් සේ ම වටිනා ශාස්ත්‍රීය සේවයක් බව ද නිසැකය. තිලක් සේනාසිංහ රැජින උපදේශක කර්තෘ
ISBN
9789550822331
පිටු ගණන (Pages)
77
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සෝම හිමි අප්‍රකට ලිපි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.