Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ශ්‍රී ලංකාවේ පලතුරු භෝග
About this book

පලතුරු කෘත්‍රිමව ඉදවීම

ශ්‍රී ලංකාව තුළ වගා කරන පලතුරුවලින් බොහෝමයක අස්වනු නෙළීම සිදුවන්නේ පලතුරු ඉදීමට පෙරය. මෙසේ නෙළාගන්නා පලතුරුවල ඉදීමේ ක්‍රියාවලිය ස්වභාවික සිදුවීමට වැඩි කාලයක් ගතවන නිසා පලතුරු කෘත්‍රිමව ඉදවීම සඳහා අතීතයේ සිට විවිධ ක්‍රම භාවිතා කරනු ලැබේ.

දුම් ගැසීම - පලතුරු ඉදවීමේ සාම්ප්‍රදායික මෙන්ම සරල ක්‍රමය 'දුම් ගැසීම' යි. වායුරෝධක කුටීරයක් තුළ පලතුරු තැන්පත් කර පිටතින් දුම් ඇතුළු කිරීමේ දී නිකුත් වන ඇසිටලීන් මගින් පලතුරු ඉදවනු ලැබේ. නමුත් මෙම ක්‍රමයේ දී පලතුරු සියල්ලේ ඉදීම, පැහැය, හා රසය ඒකාකාරීව සිදු නොවන අතර අතර, දුම්වල ඇති ගඳ ද පලතුරු මත තැන්පත් වේ.

ඉදුණු හා අමු පලතුරු එකට වායුරෝධක කුටීර තුළ ගබඩා කිරීම - ඉදුණු පලතුරු තුළින් ස්වභාවික ලෙස නිකුත් වන එතිලීන් හෝමෝනය මගින් අමු පලතුරුවල ඉදීමේ ක්‍රියාව උත්තේජනය වීම සිදුවන අතර, මෙය ගෘහස්ථ මට්ටමින් අනුගමනය කළ හැකි ක්‍රමයක් වුව ද මහා පරිමාණයෙන් සිදු කිරීමේ දී විවිධ ගැටළු ඇතිවේ.

රසායනික ද්‍රව්‍ය භාවිතය - රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පලතුරු ඉදවීමේ දී ලොව පුරා පිළිගත් ආරක්ෂිත ක්‍රමය වන්නේ කෘතිම එතිලීන් භාවිතයයි. මෙහිදී එත්‍රල් හෝ එතපොන් (Ethrel or Ethaphon) රසායනික ද්‍රව්‍ය යොදාගනී. මෙමගින් ස්වභාවික ශාක හෝමෝනයක් වන එතිලීන් වායුව (C2H4) නිපදවීමෙන් පලතුරු උත්තේජනය වී ඉදවීම සිදුවේ. තවද, පලතුරු ඉදීමේ දී ඊට ආවේණික පැහැය හා රසය නිසි පරිදි ආරක්ෂා කිරීමට ද සමත්ය.

එත්‍රල් භාවිතයට ගත හැකි ආකාර කිහිපයකි.

1) 0.1% එත්‍රල් ද්‍රාවණයක (1ml Ethrel + 1L Water) පලතුරු ගිල්වා තබා, පසුව හොඳින් පිස දමා එකිනෙක නොගැටෙන ලෙස පත්තර කඩදාසි මත අතුරා, තුනී කපු රෙද්දකින් ආවරණය කිරීම. මෙම ක්‍රමය මගින් පලතුරු ඉදීම දින දෙකකින් පමණ සිදුවේ.

2) Etheral හා Sodium Hydroxide සුළු ප්‍රමාණයක් ජලයේ දිය කර, ලැබෙන ද්‍රාවණය කට පළලින් යුත් භාජනයක් තුළට දමා, පලතුරු ගබඩා කර ඇති වායුරෝධක කුටීරය ආසන්නයේ තැබීම. මෙහිදී එත්‍රල් 10ml, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2g හා ජල පරිමාව 5L භාවිතා කළ යුතු අතර, නිදහස් වන එතිලීන් වායුව කුටීරය පුරා ඒකාකාරීව සංසරණය වීමට කටයුතු යෙදිය යුතුය. මෙමගින් දින දෙකක දී පලතුරු ඉදීමේ ක්‍රියාව සම්පූර්ණ වේ.

3) එතිලීන් වායුව භාවිතය - පාස්චරීකරණය කරන ලද කෑන් තුළ එතිලීන් වායුව පුරවා (පලතුරු වර්ගය අනුව වායුවේ සාන්ද්‍රණය, නිරාවරණ කාල සීමාව වෙනස් වේ.) පලතුරු මතට නිරාවරණය කිරීම.

ISBN
9789550445358
පිටු ගණන (Pages)
32
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ පලතුරු භෝග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.