Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ශ්‍රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

ශ්‍රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

About this book

දකුණු ඉන්දියාවේ, බුදුදහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව්‍යාප්ත වී පරිහානියට පත් විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී.

එවැනි අවස්ථාවක "දමිළ බුදුසසුන වැනසූ අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරියපුරාණම්” මෙම කෘතියේ තමිල්නාඩු ප්‍රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ්‍රයෙන් ආචාර්ය හිඳගල ඤාණාධාර හිමියෝ විග්‍රය කරති.

උන්වහන්සේ දකුණු ඉන්දියන් (ද්‍රවිඩදේශයේ) ථේරවාද බුදුදහමේ ව්‍යාප්තිය (2015) නැමති කෘතියෙන් ලොවට හෙළිකළේ කොපමණ ප්‍රමාණයකට දකුණු ඉන්දියාවේ බුදුදහම ව්‍යාප්ත වූවා ද යන කරුණයි. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව්‍යාප්ත වූවා ද යන්න ගැන උන්වහන්සේ විග්‍රහ කරන්නේ සැබෑ අත්දැකීම්ලත් යතිවරයන් වහන්සේ නමක් වශයෙනි. උන්වහන්සේ දකුණු ඉන්දියාවේ වෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් විවිධ ප්‍රදේශවල සැරිසරමින් කරුණු සොයා ගනිමින් මුල්පොත නිර්මාණය කලා සේ මෙම කෘතිය නිමකිරීමට ද විශාල ධනයක්, ශ්‍රමයක් කැපකොට ඇති බව පෙනී යයි. මෙම කෘතියේ විශේෂයෙන් පස්වන පරිච්ඡේදයේ එන පෙරියපුරාණම් කෘතියේ කෙසේ බුදුදහම දකුණු ඉන්දියාවෙන් වැනසී යාමට හේතු වූවා දැයි විග්‍රහ කෙරේ. එම විග්‍රහය වර්තමානයේ දකුණු ඉන්දියාවේ බුදුදහම ව්‍යාප්ත වන මේ මොහොතේ ලොවට ගෙන හැර පෑම ඉතා ම කාලෝචිත ප්‍රයත්නයක් බව සඳහන් කළ යුතුය. මෙම කෘතිය දෙමළ බසට පරිවර්තනය කිරීම බුදුදහම නැවත වරක් දකුණු ඉන්දියාවේ ස්ථාපිත වීමට හේතු වනවා නො අනුමානය. එම නිසා උන්වහන්සේ කළ මෙම සත්ත්‍රියාව ඉතා ප්‍රශංසනීය වේ. ද්‍රවිඩ බෞද්ධ ජනතාවගේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ සුහදතාවය වර්ධනය වන මෙවැනි කෘති ඉදිරියටත් රචනා කිරීමට උන්වහන්සේට තෙරුවන් බෙලෙන් ශක්තිය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.

ISBN
9789559698425
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ පරිපාලනයට හා ජන ජීවිතයට බලපෑම් කළ චෝළයෝ සහ පල්ලවයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.