සුළං කුරුල්ලෝ
මම වෙරළ දිගේ ඇවිදගෙන ගිහින් නිසංසලත් මමත් හැමදාම හමුවෙන ගල් තලාව මත වාඩි වුනා...
මට දැනුනේ සුපුරුදු ගතියක්...
ටිකෙන් ටික කාලය පියමන් වෙලා යද්දි මට හිතුනා මුළු මුහුදු වෙරළ තීරුවම පාළුවට ගිහින් කියලා...
සවස් යාමයේ සුපුරුදු විදිහට වෙරළෙ ගැවසෙන කුරුල්ලන් කැදලි කරා පියාඹා යන රටාව මම හැඟීමකින් තොරව බලා සිටියා...
ඊළඟ නිමේෂයේදි රත්තරං පාටට දිලිසුන හිරු බැස ගිහින් ලා දම් පාටින් මුළු අහස් තලයම වෙලා ගත්තා...
ඒ වෙන තුරුත් නිසංසලා වෙරළට ආවෙ නැති නිසා මගේ හිතට දැනුනේ ඉවසන්න බැරි පාළුවක්... තනිකමක්...
මුහුද දෙසින් හමන සුළඟ මගේ ගතේ හිරිගඩු පිපෙන තරමටම සීතල වී දැනුනා...
මං මේ ගෙවන අඳුරුබර රාත්‍රිය ඉතා දිගු එකක් බව තේරුනා...
අඩ නින්දත් නොනින්දත් අතර දෝලනය වෙමින් පසුදා පහන් වනතුරු මම කාලය ගෙවා දැමීමේ හෙට දිනයේ අලුත් බලාපොරොත්තුවක් පොදි බැඳගෙන...!
උපාලි වීරවර්ධන
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.