Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුන්දර පොඩිහාමි

සුන්දර පොඩිහාමි

ප්‍රවර්ග (Genre): නවකතා කෙටිකතා
About this book

ටොක් ටොක් ටොක් හඬ කනට ළං වෙද්දී සිරිදාසගේ පපුව ගැහෙන්නා සේ විය. ඔහු මඳක් ඉදිරියට ගොස් නතර වී ළං වෙන රෝද පුටුවට අත තිබ්බේ ය. තරුණ කාන්තාව පුදුමයෙන් ඔහු දෙස බැලුවා ය.

"චාලට්...” ඔහු අමාරුවෙන් මුව විවර කර වචන පිට කළේ ය.

"මං දැක්කා මේ සීයා ඉස්සර වෙලත් අපි දිහා බලනවා.”

කටකාර පුංචි දැරිය පෙර චාලට් ම ය.

පහත් කරගත් හිසින් යුතුව සිටි චාලට් හිස ඔසවා බැලුවා ය. ඇගේ වත මලානික ය. 

̈''චාලට්...” සිරිදාසගේ දෑසින් කඳුළු කැට ගංගාවක් මෙන් ගලා හැලෙන්නට විය.

”සිරිදාස මේ.. ඔයා ද? අනේ මට සමාවෙන්න. එයාලා මාව පිටරට ගෙනිහිං හිර කෙරුවා.” ඈ ගොත ගැසුවා ය.

ඇගේ දිරා ගිය සුරත ඔහු වෙතට යොමු විය. සිරිදාස අවසන් වරට ඇගේ අත තදින් අල්ලා ඇයට සමුදුන්නේ ය.

එයා ජීවත් වෙලා තියෙන්නෙන් සතුටින් නෙවෙයි. මොනව කරන්න ද? අපි ලබා උපන් හැටි. මැරෙන්න ඉස්සර වෙලා එයා මට අවශ්‍ය කරන බෙහෙත ලබා දුන්නා. ඒක මගෙ හිතට සැනසීමක්. රෝද පුටුව හෙමින් හෙමින් ඉදිරියට ඇදෙද්දී පිටුපසින් ගිය දඟකාර දැරිය ආපසු හැරී අහම්බෙන් හඳුනාගත් සීයාට අත වැනුවා ය. සිරිදාස යළිත් වරක් යොවුන් චාලට් දුටුවේ ය. ඔහු අත වනමින් පෙරට පය තබා රෝද පුටුව නොපෙනී යන තෙක් ම දෑස් දල්වාගෙන සිටියේ ය.

-ලබා උපන් හැටි-

ISBN
9789557011936
පිටු ගණන (Pages)
128
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුන්දර පොඩිහාමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.