සුන්දර පොඩිහාමි
ටොක් ටොක් ටොක් හඬ කනට ළං වෙද්දී සිරිදාසගේ පපුව ගැහෙන්නා සේ විය. ඔහු මඳක් ඉදිරියට ගොස් නතර වී ළං වෙන රෝද පුටුවට අත තිබ්බේ ය. තරුණ කාන්තාව පුදුමයෙන් ඔහු දෙස බැලුවා ය.
"චාලට්...” ඔහු අමාරුවෙන් මුව විවර කර වචන පිට කළේ ය.
"මං දැක්කා මේ සීයා ඉස්සර වෙලත් අපි දිහා බලනවා.”
කටකාර පුංචි දැරිය පෙර චාලට් ම ය.
පහත් කරගත් හිසින් යුතුව සිටි චාලට් හිස ඔසවා බැලුවා ය. ඇගේ වත මලානික ය.
̈''චාලට්...” සිරිදාසගේ දෑසින් කඳුළු කැට ගංගාවක් මෙන් ගලා හැලෙන්නට විය.
”සිරිදාස මේ.. ඔයා ද? අනේ මට සමාවෙන්න. එයාලා මාව පිටරට ගෙනිහිං හිර කෙරුවා.” ඈ ගොත ගැසුවා ය.
ඇගේ දිරා ගිය සුරත ඔහු වෙතට යොමු විය. සිරිදාස අවසන් වරට ඇගේ අත තදින් අල්ලා ඇයට සමුදුන්නේ ය.
එයා ජීවත් වෙලා තියෙන්නෙන් සතුටින් නෙවෙයි. මොනව කරන්න ද? අපි ලබා උපන් හැටි. මැරෙන්න ඉස්සර වෙලා එයා මට අවශ්‍ය කරන බෙහෙත ලබා දුන්නා. ඒක මගෙ හිතට සැනසීමක්. රෝද පුටුව හෙමින් හෙමින් ඉදිරියට ඇදෙද්දී පිටුපසින් ගිය දඟකාර දැරිය ආපසු හැරී අහම්බෙන් හඳුනාගත් සීයාට අත වැනුවා ය. සිරිදාස යළිත් වරක් යොවුන් චාලට් දුටුවේ ය. ඔහු අත වනමින් පෙරට පය තබා රෝද පුටුව නොපෙනී යන තෙක් ම දෑස් දල්වාගෙන සිටියේ ය.
-ලබා උපන් හැටි-
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.