රෙදි වැලක වැනෙන සෞන්දර්යය

Special Price රු. 945.00 Regular Price රු. 1,050.00
Out of stock
SKU
redi-walaka-wanena-saundaryaya-lakshman-kodithuwakku-sarasavi

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටිකතාකරුවාගේ “රෙදි වැලක වැනෙන සෞන්දර්යය” නවතම කෙටිකතා සංග්‍රහය, ඔහු ගේ පරමේෂ්වරී සහ වෙනම රටක් (2009), ප්‍රතිමාවක් සංක්‍රමණියෙක් සහ දරුවෙක් (2015) ආදී කෙටිකතා සංග්‍රහ ඔස්සේ පළ කැරුණු නිර්මාණ කෞශල්‍යය තවදුරටත් ඔසවා තබන කෙටිකතා ගණනාවකින් සමන්විත නිර්මාණ සංග්‍රහයක් බව පෙනී යයි. අස්ථි, රෙදි වැලක වැනෙන සෞන්දර්යය, මිනිසෙක් සහ රිලවෙක්, කුරුලු කූඩුවක් සහ බෙලෙක් පිඟානක්, ඇගේ පුංචි රන් මාලය ආදී කෙටිකතා මෙහි දී වෙසෙසින් සඳහන් කළ හැකිය. ලක්ෂ්මන් කොඩිතුවක්කු ලේඛකයා සතු පුළුල් අනුභූතික වපසරිය ද, කෙටිකතා තාක්ෂණය විෂයෙහි වන අවධානය ද, ව්‍යුත්පත්තිය ද, මේ කෙටිකතා පසුබිමෙහි වන බව පැහැදිලිය. මෙම නවතම කෙටිකතා සංග්‍රහය ඔස්සේ පළ කැරෙන ලේඛකයා සතු ප්‍රබන්ධ චාතූර්යය ද, ව්‍යුහ සංරචනයෙහි නවතාව ද, සමස්තය විනිවිද ප්‍රදානය වන දැක්ම ද පෙර කෘති සේම පාඨක විචාරක වෙසෙස් අවධානයට පාත්‍ර වනු නොඅනුමානය.

ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ

Author ලක්ෂ්මන් කොඩිතුවක්කු - Lakshman Kodithuwakku (3)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (919)
More Information
ISBN 9789553131232
පිටු ගණන 155
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රෙදි වැලක වැනෙන සෞන්දර්යය
Back to Top