Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සුන්වීමට ඔබ්බෙන් පිබිදෙන බලාපොරොත්තු...

සුන්වීමට ඔබ්බෙන් පිබිදෙන බලාපොරොත්තු...

About this book

“සුන්වීමට ඔබ්බෙන් පිබිදෙන බලාපොරොත්තු” නමැති මෙම කෘතියේ පළමු සහ දෙවන පරිච්ඡේද වලින් ඉදිරිපත් කෙරෙන්නේ මේ ලෝකයේ පිහිටි සුරපුරයක් වැනි දිවයිනක් (ශ්‍රී ලංකාව) පිළිබඳව හැඳින්වීමකි. තුන්වන පරිච්ඡේදයේ සිට හත්වන පරිච්ඡේදය දක්වා, පසුගිය වසර කිහිපය තුළ සුරපුර දිවයිනට (ශ්‍රී ලංකාවට) සිදුවූ ව්‍යසනයන් දෙසට පාඨක නෙත් යොමුකරවයි. අටවන පරිච්ඡේදයේ සිට දහවන පරිච්ඡේදය දක්වා ඇත්තේ “පිබිදෙන බලාපොරොත්තු” යි. ඒ කොටසින් සුරපුර දිවයිනේ (ශ්‍රී ලංකාවේ) පුරවැසියන් “සිස්ටම්ස් චේන්ජ්” පරිවර්තනයකට සහ නව යුගයකට, පුන පුනා බලා සිටීම හේතුවෙන් ඇතිවූ උද්යෝගිමත්භාවය තවදුරටත් ගලා යෑමට විවර වූ දොරටු, සහ පිබිදීමට නියමිත ඉසුරුමත් බවෙහි “අනාවැකි මල් කැකුළු”, පිළිබිඹු වේ.

මෙම කෘතිය එක වකවානුවක් තුළ සුරපුර දිවයින (ශ්‍රී ලංකාව) හා සම්බන්ධ තොරතුරු ඉස්මතු කරන “ග්‍රන්ථ නාමාවලියක්” - a bibliography ලෙසටද සැලකිය හැකිය.

නියඟයකින් පසු හෝ කාන්තාර ප්‍රදේශයක හෝ දක්නට ලැබෙන්නේ අප්‍රාණික, ජලය නොමැති කමින් ඉරි තලා ගිය භූමියක් සහිත ශුන්‍ය, බලාපොරොත්තු රහිත භාවයකි. සුරපුර දිවයින (ශ්‍රී ලංකාව) කිසිසේත් එවැනි තත්වයකට පත් විය යුතු දිවයිනක් නොවේ. එහෙත් රාජ්‍ය තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මුළු සුරපුර දිවයිනම (ශ්‍රී ලංකාවම) දූෂිත අඳුරු වළාවකින් වැසීගත්තේය. නීතිගරුකභාවය, සදාචාරාත්මක හැසිරීම, කෙමෙන් සමාජ රටාවෙන් ඉවත්වෙන සලකුණු දිස්වන්නට වූ අතර අගුහවාදී දුරාචාරමය චින්තනයන් මෙන්ම සූරාකෑම් සහ අන්ත දුගී භාවයෙන් පෙලෙන ජනතාවගේ සංඛ්‍යාවේ වැඩිවීමක්ද දක්නට ලැබුණි. එබැවින් තුන්වන පරිච්ඡේදයේ සිට හත්වන පරිච්ඡේදය දක්වා “සුන්වීම” ලෙසින් හැඳින්වේ.

සුරපුර දිවයින (ශ්‍රී ලංකාව) නමැති නෞකාව සහමුලින්ම ගිල්වා නැත්තටම නැති කිරීමට තරම් බලවත් වූ ශීතල හිම කන්දක් බඳු වූ දූෂිත පාලන තන්ත්‍රයන්ගේ ආධිපත්‍යයට වසර ගණනාවක්ම සුරපුර දිවයින (ශ්‍රී ලංකාව) ගොදුරු වීම ඛෙදජනක සිදුවීමකි. එහි ප්‍රතිඵලය වූයේ වසර ගණනාවක් පුරාවටම පුරවැසියන්ගේ බලාපොරොත්තු සුන්වීමය. එම විනාශකාරී සුන්වීමේ විශාලත්වය දෙස මතුපිටින් බැලීමක් පමණක් මේ කෘතියෙන් සිදුවේ. මේ කෘතියෙන් ඉදිරිපත් කෙරෙන සුළු විස්තරයේ ප්‍රමාණය ඉංග්‍රීසි බසින්, “ටිප් ඔෆ් ද අයිස් බර්ග්” (tip of the iceberg); “ශීතල අයිස් බර්ග් කුට්ටියේ මතුපිට” යනුවෙන් හැඳින්විය හැක. එනමුත් අදාළ යොමු කිරීම් තුළින් පාඨකයාට සුන්වීම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමේ දොරටුවක්ද විවෘත වී ඇත. සුරපුර දිවයින (ශ්‍රී ලංකාව) 2022 දී අත් දුටු “අරගලය”, ඒ සුන්වීම තුළින් ගොඩ නැගුණ ප්‍රතිඵලයකි.

ISBN
9786249464919
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුන්වීමට ඔබ්බෙන් පිබිදෙන බලාපොරොත්තු...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.