තරු දෙව්ලි
මිස්ටර් නවම්දෙණිය... ඔයා හිතන්න එපා තරුක මූණමල්දෙණියට මන්තාරා කැමති වෙයි කියලා... මිස්ටර් නාඔටුන්න කවදාවත් එයාගේ කැමැත්තට පිටින් වැඩ කරන්නේ නැහැ” ආයුෂ් කෝපයෙන් කෑගැසුවේය. ඔහුට අවශ්‍ය වන්නේ තමාගේ ආදරය වූ ඇයව රවටා අන්සතු කරවන්නයි.
"ඔයා නොදන්න දේවල් ගොඩාක් එතන තියනවා ආයුෂ්... ඒවාට උඹ ලාබාල වැඩියි”
"මම දන්නවා... මන්තාරාගේ බුදලේ ඔයා ගාව තියෙන්නේ කියලා... මට ඕන බූදලේ නෙවෙයි... ඒ කෙල්ලව... ඒ කෙල්ලට මම පණ වගේ ආදරෙයි... ඒක මිස්ටර් නාඔටුන්නත් දන්නවා... ප්ලීස්... ෆෝන් එක එයාට දෙන්න... ඔයා එක්ක මගේ කතාවක් නැහැ”
" ආ..දරෙයි... ආදරෙයිද උඹ ඒ කෙල්ලට ඇත්තටම ... නැතනම් ආසයි ද.. ආ... ඒකත් කියලාම හිටපන් "
"තමුන්ගේ මිම්මෙන් මාව මනින්න එපා මනුස්සයෝ... තමුන් කසාද නොබැඳ තියාගෙන ඉන්නේ ආසාවටද... ආදරේටද” ආයුෂ් දැඩි කෝපයකින් ඇසුවේය. තම පෙම්වතිය හා තමා අතරට විත් මෙලෙසින් කතා කිරීමට ඔහුට කිසිදු අයිතියක් නැත.
"ආසාවටයි.. ආදරේටයි.. දෙකටම තමා මම ඒ කෙල්ලව තියාගෙන ඉන්නේ... ඒත්... මන්තාරාව මම තියාගෙන ඉන්නේ ආසාවට... දවසක මගේ ලෙයින් දරුවෙක් බිහි කර ගන්න... උඹ ඊට පස්සේ ඕන නම් ගනින්" තරුන් තව තවත් ආයුෂ්ගේ කෝපය වැඩි කරවමින් කීවේය. ඔහු කෝපයෙන් වෙව්ලන්නට ගත්තේය.
ඒ කෙල්ලගේ අම්මා තාත්තා තව ජිවත්ව ඉන්නවා... මාත් මැරුණේ නැහැ.. මතක තියා ගනින්... උඹ ඒ කෙල්ලව රවට්ට ගත්තත්... උඹට ඕන විදිහට පාවිච්චි කරලා ඒ විදිහට ප්‍රයෝජන ගන්න නම් බැරි වෙයි... පුළුවන් නම් උත්සහ කරපන්... මම කොහෙත්ම ඒකට ඉඩ දෙන්නේ නැහැ" ඔහු කෝපයෙන් වෙව්ලමින් කෑගැසුවේය.
මන්තාරා. ඇය තමාගේ වස්තුවකි. ආදරයෙන් පණ මෙන් රැකගෙන පරිස්සම් කිරීමට සිතූ තමාගේ හුස්ම ටිකයි.
"ඉඩ දෙන්නේ නැහැ..." කියූ තරුන් හඬින් සිනාසුණේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.