Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / උන්මාදිනියේ - නිළියකගේ කථාව

උන්මාදිනියේ - නිළියකගේ කථාව

ප්‍රකාශක (Publisher): නිපුන් පොත් - Nipun Poth
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ගුණරත්න ඒකතායක තෙල්දෙණිය මධ්‍යම මහා විදුහලෙන් උසස් අධ්‍යාපනය ලැබීය. ශ්‍රී ප්යවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ද කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලද ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කලමණාකරුවෙකු වශයෙන්ද, වාරි මාර්ග හා විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශකයෙකු වශයෙන්ද, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියෙකු වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.

විවිධ මාතෘකාවත් ඔස්සේ සිය ලේඛණ දිවිය පොහොසත් කරන ඔහු 2000 වසරේ සමස්ථ ලංකා යොවුත් නවකතා තරඟයේ ප්‍රථම ස්ථානය දිනූ තෑගී ගොඩයි” කෘතියේ කතුවරයාය. 2003 ඩී.ආර්. විජේවර්ධන නව කතා තරඟයේ තුන්වන ස්ථානය දිනූ යාපනය තවමත් ඈතයි” නව කතාවද, 2005 සංස්කෘතික දෙපාර්ථමේන්තුව මගින් සංවිධානය කල නව කතා තරඟයේ තෝරාගත් අලුත් වලව්ව” නව කතාවද, 2007 ඵම තරඟයෙන් ප්යගත් අපේම මිනිස්සු” නව කතාවද ඔහුගේය. 2008 ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා

අපේම මිනිස්සු නිර්දේශ වූ අතර 2012 දී ඔහු විසින් ලියන ලද සිවිල් සේවයෙන් විශ්‍රාම ගියෙමි” එම තරඟයේ නිර්දේශිත කෘතියක් වශයෙන් තෝරා ගන්නා ලදී.

වේදිකා නාට්‍ය කිහිපයක්ද නිපදවා ඇති ඔහු වාර්ථා චිත්‍රපටි මෙන්ම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය කිහිපයක්ද නිපදවා කලා ලෝකයේ විවිධ ඉසව් ඔස්සේ සිය දක්ෂතාවයන් පෙන්නුම් කරයි.

ISBN
9786245748037
පිටු ගණන (Pages)
238
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: උන්මාදිනියේ - නිළියකගේ කථාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.