Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / දාර්ශනික / විපුල සිතිවිලි

විපුල සිතිවිලි

ප්‍රවර්ග (Genre): දර්ශනය
About this book

අප බාහිර සියලු භෞතික අභෞතික වස්තූන් මත යැපීමට හුරු වී සිටින්නේ අප රසවිඳින්නේ අපගේ ම සිතිවිලි බව නොදන්නා නිසාවෙනි. ඔබේ කෝපය ඔබේ සතුට ඔබේ කලහකාරීත්වය ඔබේ ඊර්ෂ්‍යාව ඔබට ම ආවේනික වූ ඔබේ පෞද්ගලිකත්වය යි. මේ පෞද්ගලිකත්වය මතුවීමට බලපාන ඉතාමත් කුඩා ප්‍රත්‍යයකි බාහිර සියල්ල. සියලු වේදනාවන් සියලු සතුටුවීම් සියලු කුල්මත්වීම් ලැබ දෙන්නේ බාහිර කිසිවක් යයි සිතමින් ඔබ අතහැරීම නම් වූ මහත් විප්ලවයක් කිරීමට සිතා ඇඳුම් පැළඳම් වෙනස් කරමින්, ඔබේ සුපුරුදු ජීවිතය අතැර පූජ්‍යස්ථානවල රැඳෙමින්, බාහිර වස්තූන්වල ඔබේ හිමිකාරත්වය අන් අයට පවරා දෙමින් කලාකුරකින් වනවාසී වෙමින් ද රූක්ෂ ප්‍රතිපදාවකට හුරුවෙමින් ද තව තවත් මේ මායාව තුළ ම රැවටිල්ලට හසුවේ. 

අවසානයේ සිදුව තිබෙන්නේ ඔබේ සිතිවිලි ම ඔබ රවටා තිබීම යි. ඔබ ඔබට හිමි යමක නෛතික හිමිකම කිසිවෙකුට පැවරුවා නම් සිදුවන්නේ මා මෙතරම් පරිත්‍යාගශීලී සුදනෙකු නොවේ දැයි මාන්නයක් ඔබටත් හොරා ඔබ සිත තුළ තැන්පත් වීම යි. ඒ ඔබේ ම සිත ඔබ රවටන සොඳුරු මායාවකි. මේ සියල්ල තුළින් ඔබ විශේෂිත පුද්ගලයකු බවට පෙන්වමින් ඔබ රවටන ඔබේ සිත මේ මොහඳුර තුළ තවතවත් ඔබ අතරමං කරවයි.

ISBN
9786245638468
පිටු ගණන (Pages)
95
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විපුල සිතිවිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.