වැන්දඹුවෝ
නීතිය අවනීතිය බවට හැරුණ පසුව, පාලකයා ඒකාධිපතියෙකු බවට හැරුණ පසුව ප්‍රජාතන්ත්‍රවාදයට මළ බෙර හඬවන්නටවත් වේලාවක් නොලැබෙයි. ඉන්පසු රජයන්නේ භීෂණය පමණි. එහි ශේෂ පත්‍රය සමන්විත වනුයේ ඝාතන, අතුරුදහන්කිරීම් සහ දේපල හානි වැනි අපරාධයන් පිළිබඳ පුවත් වලිනි. සමාජයම ත්‍රස්ත කිරීම මගින් තම පාලනය සුරක්ෂිත කරගත හැකි යයි කල්පනා කරනා ජනතා විරෝධී පාලකයා ජනතාවගේ නාමයෙන් යයි කියමින් ජනතාවගේ උරුමයන් කොල්ල කයි. ජනතාවට සිදුවනුයේ පාලකයාගේ සහ ඔහුගේ අනුග්‍රහ ලබන කල්ලිවල පීඩාව දරා සිටීමටය. ඊට එරෙහිව නැගීම යනු මරණය තෝරා ගැනීමකි. එහෙත් අන් විකල්පයක් නැති තැන ජනයාට කරන්නට සිදුවන්නේද එයමය. මේ නවකතාව අතුරුදහන් කරන ලද තම ළබැඳියන් ඉල්ලා මරණය නොතකා පෙරට එන කාන්තාවන් පිරිසකගේ ධෛර්යය සම්පන්න අරගලය පිළිබඳවය. සැල්වදෝර් අයියන්දේ ඝාතනය කරමින් පිනෝෂේ විසින් මුළු චිලියම ලේ විලක් කළ අතීත පසුබිමක රචිත මේ නිර්මාණය අතුරුදහන්කිරීම් ගැන නිරතුරු කතා කරනා අප සමාජය තුළ අවධානයට ලක් විය යුතුය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.