Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

About this book

නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් - නීතිඥ නිරෝෂිකා ලියන මුහන්දිරම් මෙනවිය, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා සමත් වූ නීති උපාධිධාරිනියකි. එසේම ශ්‍රී ලංකාඋසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද සේවය කරයි.

“ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්” මැයින් වන මෙම කෘතිය ඇය විසින් රචිත මුල්ම කෘතියයි. ඕනෑම කෙනෙකුට නීතිය සම්බන්ධ විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගත හැකි ආකාරයට සරලව සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබීම මෙම කෘතියේ ඇති විශේෂත්වයකි.

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ‘ව්‍යාපාර නීතිය’ පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක ලෙස ලද අත්දැකීම් ද පාදක කරගනිමින්, උසස් තාක්ෂණ ඩිප්ලෝමා හදාරන ශිෂ්‍යයන්ට මෙතෙක් පැවති අඩුවක් සපුරාලන මෙම කෘතිය එම සිසුන් උදෙසා ව්‍යාපාර නීතිය පිළිබඳ අත්පොතක් ලෙස ද හඳුන්වාදිය හැකි වේ. 

නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙන්ම නීතිය විෂයයක් ලෙස හදාරන විශ්ව විද්‍යාල සිසුන්ට සහ වෘත්තීය මට්ටමින් විභාග හදාරන්නට ද ව්‍යාපාර නීතිය මූලික සංකල්ප පහසුවෙන් හඳුනා ගැනීමට මෙම කෘතිය මහඟු පිටිවහලක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

 

කථිකාචාර්ය හිලරි ඊ. සිල්වා

අධ්‍යක්ෂක ජනරාල් 

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය

ISBN
9789556562853
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.