Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / 16 න් ඔබ්බට

16 න් ඔබ්බට

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
About this book

දෙස් විදෙස් සුපතල ප්‍රවීන දේශකයෙකු වන ලාල් ෆොන්සේකා මහත්මා 'ඵලදායිතා' සංකල්පය අප රට තුළ ව්‍යාප්ත කිරීමේ මහඟු කාර්යයේ පුරෝගාමියා වූයේ යැයි කීම නිරවද්‍ය බැව් මම සිතමි. විශිෂ්ටයන් අතර අතිවිශිෂ්ටයන් බිහිකිරීමටත් විශිෂ්ට ආයතන අතර අතිවිශිෂ්ට ආයතන ලෙස ඉදිරියට ගෙනයාමටත් ඔබතුමා රට තුළ කරන මහඟු සේවය ඉතා පැසසුම් සහගතය. වසර 25කටත් වැඩි කාලයක් පුරාවට ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ආයතන වැඩබිම් මෙන්ම ඉතා සුපිරි පාසල් ආයතන වැඩබිම් දක්වාම කිසිම වර්ගීකරණයකින් තොරව තම සේවය ලබාදුන්නේය. සාර්ථක ව යම් කාර්යයක් ප්‍රථම වරට ඉටුකිරීමෙන් විශිෂ්ටයකු විය හැකි බව මනාව පෙන්වා දුන්නේය. 'ඵලදායිතාව' යන මාතෘකාව දේශකයන්ගේ මුදල් ඉපයීමේ මාර්ගයක්ව තිබූ යුගයක එය සාර්ථකත්වයේ එකම මාර්ගය බව එතුමා ප්‍රායෝගිකව පෙන්වා දුන්නේය.

අප විදුහලට ඵලදායිතා සංකල්පය හඳුන්වාදීමෙන් මූලික පියවර සඳහා එතුමා දැක්වූ සහයෝගය ප්‍රශංසනීය වේ. වසර ගණනක සිට පාසලේ භෞතික දියුණුව ඇති කිරීමට ලාල් ෆොන්සේකා මැතිතුමා තම ආයතනය සමග එකතුවී දක්වන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

ඉතා නිහතමානී මිත්‍රශීලි මෙන්ම අවංක චරිත ලක්ෂණවලින් හෙබි එතුමා මට හඳුනාගැනීමට හැකිවීම මාගේ භාග්‍යයක් යැයි මම සිතමි. ලාල් ෆොන්සේකා මැතිතුමනි, ඔබගේ මෙම කර්තව්‍ය තවතවත් සඵල වී රටේ දියුණුවට පිටිබලයක් වේවායි මම පතමි.

ස්තුතියි
කපිල වීරසූරිය
විදුහල්පති,
සුසමයවර්ධන විදුහල, කොළඹ 08.

ISBN
9789557080161
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: 16 න් ඔබ්බට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.