Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආලේ බැඳි රන්දම්

ආලේ බැඳි රන්දම්

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''විරව ගෙන ඉන්නේ මෙතන... යනවා ගිහින් බොන්න මොනවා හරි හදන් එනවා... තිබහයි මට” යි කීවේය.

"මට බැහැ... මට නැන්දා එන්න කිව්ව නිසා මම එහෙ එනවා” මුමුණමින් මම නැගී සිටියෙමි.

"එවනවා නම් එනවා සිරිතේ හැටියට කසාදයක් එක්ක... එහෙම නැතුව එක එකාට කයි කතන්දර හදන්න කෙල්ලෝ ගෙවල් වලට එන්න ඕන නැහැ” ඒ ලොක්කයියායි.

''ඒක හරි” තාත්තා කීවේය.

''සුදු මැණිකේ අක්කා එන්නේ... මට විතරද නරක” ඒ කටේ හයිය ඔහු නොපෙනී යද්දීය.

"එයාව මම ළඟදීම බඳිනවා.... තමුසේ ඉස්සෙල්ලා වයස සම්පූර්ණ කර ගන්නවකෝ... එතකොට ඉතින් මොකා එක්ක හරි අත්සනක් දාලා ගැටයක් ගහලා අරන් ගියෑකි ”

"හරකියක් යෑ මම ගැටහලා අරන් යන්න... අනික මම එහෙ ආවේ නැත්තේ නැහැනේ... ළඟදි ඉදලත් ආවේ සුමාන දෙකක් විතර”

"ඒ ඉදිල්ල තමයි හෙනේට හිටලා තියෙන්නේ මේ ගහෙන් ගෙඩි එන්නා වගේ ගත්ත හදිසි තීරණ තීන්දුවලට ... කටවහ ගෙන බොන්න මොනවා හරි ගේනවද... නැත්නම් මම යන්නද”

''මුතු... කට වහගෙන ලොක්කයියා කියන දේ කරන්න” රණ්ඩුව දිගට ගෙනි යන්න මේ මද්දු අයියා හෝ පොඩි අයියා නොවේ. ඉතින් මම කුස්සියට ගියෙමි.

'අත අරින්නේ නැහැ ඉන්නකෝ... හග්... එයා හොඳට සුදු මැණිකේ අක්කාව කැන්දන් යන්න.... මට විතරක් එන්න එපා කියන්න... ඇයි... එයාට පුළුවන් නම් සුදු මැණිකේ අක්කාව බඳින්න... මට බැරි නෑනේ මද්දු අයියාව බඳින්නන්න... මම එහෙම කියලා යනවා... සුදු මැණිකේ අක්කත් වයස එනකල් හිටියේ නැහැනේ එහෙ යන්න එන්න...'

ISBN
9786245626571
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආලේ බැඳි රන්දම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.