Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අබ්දුල් කලාම්

අබ්දුල් කලාම්

About this book
අබ්දුල් කලාම් නන් පැහැයෙන් විසිතුරු වූ දේදුන්නක් වැනි අපූරු චරිතයක් ඇති විශ්ව කර්ම මිනිසෙකි.ඔහු ගැන එක් පොතක් ලිවීම දුෂ්කර කරුණකි.ඒ නිසා විද්‍යඥයෙකු, රාජතාන්ත්‍රිකයෙකු, අධ්‍යාපනඥයෙකු ලේඛකයෙකු ලෙස ක්ෂේත්‍ර ගණනාවක හරඹ පෑ මේ වියත් ප්‍රාඥයා ගැන පොත් පෙළක් ලියා ප්‍රකාශයට පත් කරන්නට අපි තීරණය කළෙමු. ඔබ දැන් කියවන්නට යන්නේඑම පොත් පෙළේ මුල් පොතයි.මේ පොතෙන් අබ්දුල් කලාම්ගේ ජීවන චරිතය සැකෙවින් විස්තර කොට අධ්‍යාපනඥයෙකු ලෙස ඔහු ඉටු කළ දැවැන්ත මෙහෙවර විමසා බලන්නට අපි යොමු වෙමු.මේ නිසා මේ පොතේ වැඩිපුර ඇතුළත් වන්නේ අධ්‍යාපනය ගැන මේ මහා චින්තකයා, අධ්‍යාපනඥයා ලොවට හෙළි කළ චින්තනයෙන් බිඳකි.ඔහු ප්‍රායෝගික මිනිසෙකු වූවා සේම ඔහුගේ චින්තනයද ප්‍රායෝගිකයි.ක්‍රියාවට නැගිය හැකියි.මේ පොතෙන් ඔහු කියා පාන, අධයාපනය ගැන ඔහු ලියු බොහෝ දේවල් හා දේශනවලදී දැකුවූ අදහස් අතිශයෙන්ම ප්‍රායෝගික වන අතර, කවර ළමයෙකුට, ළමයින්ගේ දෙමව්පියන්ට, ළමයින්ට උගන්වන ගුරුවරුන්ට මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදකයන්ට වුවද ක්‍රියාවට නැගිය හැකි අදහස් ය.ප්‍රතිපත්ති ය.ක්‍රියාකාරකම් ය. මේ කෘතිය ලියන ලද්දේ, ආචාර්්‍ය අබ්දුල් කලාම් නම් අසමසම මිනිසා ගැන නිරතුරුව හදාරන්නට යොමු වූ, වෘතියෙන් පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්දව සිටින විරංග ගුණසේකර විසිනි.
ISBN
9789553750020
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබ්දුල් කලාම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.