ජොසේ මුජිකා
About this book
ජොසෙ මුජිකා
ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශි චරිතයක් ගැනයි. පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරිනුත් දුප්පතෙකි. එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% ක් දන් දී දිළින්දෙකු ලෙස පිටිසර පළාතක ජීවත්වන නිසාය. බොහෝ චාම්, කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු 30 කට වඩා පරණ මෝටර් රථයකි. ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත. තනියට ඉන්නේ කකුල් තුනේ බල්ලෙකි. ඔහු හමුවීමට ගෙදරට ගිය විට ඔහුගේ තේ කෝප්පය ද ඔහු හදා දෙයි. ඒ ඔහුට දැසි දස්සන් නැති නිසා ය.
භෞතිකව දුප්පත් වුණත් ඔහු අධ්‍යාත්මිකව පොහොසත් ය. 11 වසරක් තනිවම සිරබත් කෑ ඔහු සිරගෙදර තනිවම සිටි කාලයේ බොහෝ සිතුවේය. ඒ නිසා ඔහු දුර්ලභ චින්තකයෙකි. දාර්ශනිකයෙකි. ඔහු සිංහල පාඨකයන්ට හඳුන්වා දීමට ලැබීමත් අපි භාග්‍යයක් කොට සලකන්නෙමු.
දැන් ඉතින් ලෝකයේ දුප්පත්ම ජනාධිපති ඌරුගුවේ ජොසේ මුජිකා හමුවන්නැයි අපි ඔබට ඇරයුම් කරමු.
Details
ISBN
9789553750303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review