Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

About this book

ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනි වී, වධ කඳවුරක කොටුවෙන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක්ද?

කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්බයෙන් ඊවා හා මීරියම් ජිවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණ වලට ලක්වෙමින්, වධවේදනා විදිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව ජීවිතය යළි ලබන්නට ඔවුන් කරන අරගලය සුළුපටු නොවේ. පරාජිත බවින් පසු නොබැස, අධිෂ්ඨානය පෙරදැරිව ඊවා නම් දැරිය සිය නැගණිය ද රැකගෙන දිගු ගමනක් යයි. ඊවාගේ කතාව, අවසානයේ දසක අටක් පුරා දිවෙන වීර චරිතාපදානයක් බවට පත්වෙයි.

ඇය, ඔවුන්ට වධහිංසා පැමිණ වූ නට්සින් ට ලෝකය හමුවේ සමාව ප්‍රදානය කරයි. ඊවා ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වන්නේ එතැන් සිටය.

ISBN
9789553122100
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.