දොස්තර ශිවාගෝ
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
දොස්තර ශිවාගෝ
“දොස්තර ශීවාගෝ” කෘතිය වූ කලී එක්දහස් නවසිය පනස් ගණන්වල අවසානයේ දී එක දිගට ලියා අවසන් කළ කෘතියක් නොවේ. පැස්ටර්නැක් තම නොලියු කෘතිය අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු ගේ සිත තුළ රැගෙන ගියේ ය. එහි අදහස් හා චරිත හැදී වැඩී, වෙනස් වී, මුහුකුරා ගොස් අන්තිමේ දී දැඩි පරිවර්තයකට භාජන වෙමින් භෞතික ගුණයෙන් අඩු විශ්ව සාධාරණ ගුණයෙන් පිරිපුන් අදහස් හා චරිත බවට පත් විය. මා “දොස්තර ශීවාගෝ” කෘතිය දකින්නේ සමමිතියෙන් එකට බැඳුණ පූර්ණ කෘතියක් වශයෙන් නොව, අනුපූරක කතා රාශියකින් සැදුම් ලත් අතිඋත්කෘෂ්ට රචනයක් ලෙසිනි. එය කොතරම් සංකීර්ණත්වයෙන් හා ඒකාග්‍රතාවයෙන් යුත් කෘතියක් ද යත් පළමුවරට කියැවීමෙන් පසු පාඨකයා ගල් ගැසී පුදුමයෙන් බලා සිටින තත්ත්වයට පත් වේ. ඔහු එය නැවත නැවතත් කියවිය යුතුය. වරෙක නොඇසූ විරූ සරල රීතියකින් ලිවීමට හදාශාවන් විසින් පොලොඹවනු ලැබූ හදාශාවන් ගෙන් හරිත වූ දාර්ශනිකයා මෙන් ද, වරෙක මහා කාව්‍යයක් රචනා කළ මුහුකුරා ගිය කවියා මෙන් ද, වරකෙ ක්‍රිස්තු භක්තිකයෙකු මෙන් ද, තවත් වරකෙ “සෙනියා ලුවර්ස්” චරිතය නිර්මාණය කළ යෞවන නිර්මාණකරුවා මෙන් ද මෙහි දී කතුවරයා දිස්වන්නට වෙයි.
ලිඩියා ස්ලේටර්
(ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය)
Details
ISBN
9789552044030
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review